තොල් තැටි පැළඳීන සුර්මා ගෝත්‍රික කාන්තාවන්.

සහකරුවෙකු සොයා ගැනීම සඳහාත්, විශාල දෑවැද්දක් (සුර්මා ගෝත්‍රිකයන් අතර විවාහයකදී දෑවැද්ද දෙනු ලබන්නේ මනාල පාර්ශ්වය විසින් මනාලියගේ පවුලටය) ලබා ගැනීමටත් මෙන්ම සිය ප්‍රජාව අතර කැපී පෙනීමේත් අරමු‚න් මෙම තොල් තැටි පැළඳීම සඳහා යටි හනුවේ ඉදිරිපස දත් දෙක ගලවා දැමීමද අත්‍යවශ්‍ය වේ. නමුත් අහිමි වන දත් දෙකකට වඩා තොල් තැටියක ඇති වැදගත්කම මනාව අවබෝධ කරගෙන සිටින සුර්මා ගෝත්‍රික තරු‚යන් අතරින් විසි හැවිරිදි අටායේ එලිගිඩැග්නි සුවිශේෂීය. ඒ ලොව විශාලතම තොල් තැටියේ හිමිකාරිනිය ඇය නිසයි.
59.5ජපක පරිධියකින් හා 19.5ජපක විෂ්කම්භයකින් යුතු ඇගේ තොල් තැටිය සාමාන්‍ය ප්‍රමාණයේ තොල් තැටියක විශාලත්වය මෙන් දෙගුණයකි. මීට පෙර ලොව ලොකුම තොල් තැටිය ලෙස ගිනස් පොතට ඇතුළුව තිබුණේ 15ජපක විෂ්කම්භයකින් යුතු තොල් තැටියකි. එය ඉක්මවාලීම සඳහා වසර තුනක් මුළුල්‍ලේ සිය තොල ඇදීමට ලක්කිරීමට අටායේට සිදුව තිබි‚.
බැලු බැල්මට මෙබඳු විශාල මැටි තැටියක් පැළඳ සිටීම ශාරීරික වශයෙන් දැඩි අපහසුතාවක් ගෙන දෙන්නක් බව පෙනී ගියත් අටායේ පවසන්නේ එවැනි අපහසුතාවක් ඇයට නොදැනෙන බවයි. එසේම එවැන්නක් පැළඳීමෙන් කිසිදු අතුරුආබාධයක් ඇති නොවන බවද ඇය කියන්නේ දැඩි විශ්වාසයකින්