ලිංගික බෙලහීනතාවය සුව කර ගන්න ගෙඹි ජුස් බොන පේරු වැසියෝ.
පේරු රජ්‍යයට යන ඕනෑම පුද්ගලයෙකුට එරට ඇන්ඩිස් නම් සංස්කෘතියට අනුව සාදනු
ලබන අපුරු ගෙඹි ජුස් වර්ගයක රස බැලීමේ අපුරු අවස්ථාව ලැබෙන බව එරට මාධ්‍ය
වාර්තා කර සිටියි.මරියා එලීනා නම් කාන්තාවක් මෙම අපුරු ගෙඹි ජුස් ලබා ගත
හැකි අවන්හල් දෙකක් පේරුහි ලීමා හා අන්ඩිස් නම් නගර තුල පවත්වාගෙන යයි.ජුස් වර්ගය සැදීමට යොදා ගනු ලබන ගෙඹි වර්ගයේ උද්භිද විද්‍යාත්ම නාමය ටෙමෙටෝබියස් කියුලස් වන අතර පේරුහි "ටිටිකකා"නම් විලෙන් මාරියා මෙම ජුස් වර්ගය සෑදිමට ගෙම්බන් අල්ලා ගනියි.
ගෙම්බන් සමග කැරට්,මී පැණි යොදා ගනිමින් ලබන මෙම ජුස් වර්ගය පැහැයෙන් කොළ පාට වන අතර වරක් මෙහි රස බලනු ලැබූ පුද්ගලයෙකු නැවත නැවත මෙහි රස බැලීමට ආශා කරන බවද සදහන් වේ.
එසේම මෙම ගෙඹි ජුස් පානය කිරීම මගින් ඇදුම රෝගය මෙන්ම ලිංගික බෙලහීනත්වය සුව කර ගත හැකි බව එරට ජනයා තුල දැඩි විශ්වාසයක් පවතී.
මෙම ගෙඹි වර්ගය වඳ වී ගෙන යාමට මුහුණ පා ඇති සත්ව විශේෂයක් ලෙස අන්තර්ජාතික පාරසරික සංරක්ෂණ එකමුතුව විසින් නම් කර ඇති බවයි එරට මාධ්‍ය වැඩි දුරටත් වාර්තා කර සිටින්නේ.

