ලුනුගලට මැණික් වැස්සක්

බදුල්ල - ලූණුගල වේල්ලවෙල ප‍්‍රදේශයට අද පෙරවරුවේ ඇද හැලූනු අධික වර්ෂාවත් සමග මැණික් ගල් වැටුණු බවට පැතිර ගිය ආරංචියක් නිසා  විශාල පිරිසක් එම ප‍්‍රදේශයට පැමිණ මැණික් සෙවීමේ පුවතක් වාර්තාවුණා.

බදුල්ල - වේල්ලවෙල මාර්ගයේ කිලෝමීටර් 4 ක පමණ දුරක් පාෂාණ විශේෂයක් මෙලෙස වැටී තිබේ.  ඒවා එක් රැස්කිරීම සඳහා බදුල්ල, ලූණුගල සහ අවට ප‍්‍රදේශ රැසකින් ජනතාව පැමිණ තිබෙනවා.

කෙසේ වෙතත් මේ පිළිබඳව ලූණුගල පොලීසිය ප‍්‍රකාශ කළේ ඉල්ලම් පස් රැගෙන ගිය ටිපර් රථයකින් මෙම පස් මගදිගට ඇද හැලී ඇති බවයි. වැස්සත් සමග පස් සේදී යාම නිසා එහි තිබූ වටිනාකමින් අඩු කුඩා මැණික් ගල් කැබලි මෙලෙස දිස්වී ඇති බව පොලීසිය සඳහන් කළා. මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කියා සිටියේ හබස් සහ ගෝමේද යන වර්ගයේ අඩු වටිනාකමින් යුත් මැණික් ගල් කැබලි ලෙස මේවා හඳුනාගෙන ඇති බවයි.

Popular posts from this blog

17 හැවරදී පාසල් සිසුවා 74 හැවරදී ගුරුවරියක් මර දුෂණය කරියි.

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ජනප්‍රිය නිළියක් වූ ස්වර්ණමාලිගේ ගණිකා ජාවාරම. ( වීඩියෝ දර්ශන සහිතයි.)