ජාත්‍යන්තරය සමඟ බෙදා ගැනීමට ශී‍්‍ර ලංකාව සූදානම් රවිනාථ ආරියසිංහ පවසයි.

බිම්බෝම්බ ඉවත් කිරීම සම්බන්ධයෙන් සිය අත්දැකීම් ජාත්‍යන්තරය සමඟ බෙදා ගැනීමට ශී‍්‍ර ලංකාව සූදානම් බව එක්සත්  ජාතීන්ගේ ජිනීවා හි නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ පවසනවා. බිම් බෝම්බ ඉවත් කිරීම සම්බන්ධයෙන් ජිනීවා නුවර පැවති සම්මන්ත‍්‍රණයකට ඊයේ එක්වෙමින් ඔහු කියා සිටියේ ශී‍්‍ර ලංකාව බිම්බෝම්බ ඉවත් කිරීම සම්බන්ධයෙන් ලබා ඇති ප‍්‍රගතිය යුධ ගැටුම් පවතින රටවලට ධනාත්මක පාඩමක් වනු ඇති බවයි.

එල්.ටී.ටී.ඊ. ය විසින් බිම් බෝම්බ වළ දමා තිබූ වර්ග කිලෝමීටර් 5 000 ක වපසරියක් තුළ සාර්ථකව  බිම්
බෝම්බ ඉවත් කිරීමේ කටයුතු අවසන් අදියර කරා පැමිණ ඇති බව රවිනාථ ආරියසිංහ ප‍්‍රකාශ කළා. බිම් බෝම්බ අධික ලෙස වළදමා තිබූ වර්ග කිලෝමීටර 264 ක භූමි ප‍්‍රමාණයෙන් සියයට 96.2% ක් මේ වනවිට බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සිදුකර ඇති බවයි ඔහු කියා සිටියේ.

බිම් බෝම්බ ඇතුලූ විවිධ පුපුරණ ද්‍රව්‍ය 11,28,336 ක් මෙහෙයුම්වල නිරත කණ්ඩායම් පසුගිය වසර කිහිපය තුල සොයාගෙන ඇති අතර ඉන් 615,669ක් පුද්ගලනාශක බෝම්බයි.  යුද ටැංකි නාශක බෝම්බ 1,712 ක් සොයාගෙන ඇති අතර සක‍්‍රිය තත්ත්වයේ පවතින පුපුරා නොගිය වෙනත් බෝම්බ 510,955 ක් සොයාගෙන ඇති බවද ජිනීවා හි නිත්‍ය නියෝජිතවරයා මෙහිදී ප‍්‍රකාශ කළා.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්