සෞදි අරාබියේ අවම වැටුප රුපියල් 41158 කරයි.


සෞදි අරාබියේ පෞද්ගලික අංශයේ සේවය කරන සෞදි ජාතිකයනට සෞදි රියාල් 5300 (රුපියල් 87255.15)  ක් හා විදේශිකයනට සෞදි රියාල් 2500 (රුපියල් 41158) ක අවම වැටුපක් නියම කිරීමට නියමිතය.
වැටුප් ආරක්ෂණ වැඩපිළිවෙලේ තෙවැනි හා අවසන් අදියරේදී 2015 දී මේ තීරණය ක්‍රියාත්මක කරන බව කම්කරු අමාත්‍යංශය කියතියි අල් ජසීරා අරාබි පුවත්පත කියයි. මෙම වැඩපිළිවෙලේ දෙවැනි අදියර මාර්තුවේදී ඇරඹිණි.
සේවකයන් දහසකට වඩා සිටින සමාගම් සිය සෞදි හා සෞදි නොවන සේවකයන්ගේ වැටුප් කෙළින්ම බැංකු ගිණුමට බැර කළ යුතුයැයි නියම කර තිබේ.

අවම වැටුප් නියම කළේ එරට පෞද්ගලික අංශයට වැඩිපුර සෞදි සේවකයන් ආකර්ශනය කරගැනීමටත් සෞදි රැකියා ජනසතු කිරීම දිරි ගැන්වීමට බවත් එම පුවත්පත කියයි. පෞද්ගලික සමාගම් අවම වැටුප් ගෙවන ආකාරය එරට කම්කරු අමාත්‍යංශය පරිගණක තොරතුරුවලින් නිරන්තරයෙන් සොයා බලන බවද එහි දැක්වේ. සෞදි කම්කරු වාණිජ කමිටු සභාපති මන්සූත් අල් ක්ෂෙත්‍රි පැවසූයේ සෞදි අරාබියේ පෞද්ගලික අංශයේ 1600070 සෞදි ජාතිකයන් සේවය කරන බවයි. එය එරට රජයේ සේවය කරන ප්‍රමාණය ලක්ෂ 5 කින් ඉක්මවා යාමකි.
අල් ක්ෂෙත්‍රි පැවසූයේ සෞදි අරාබියේ පෞද්ගලික අංශයේ සේවය කරන සෞදි ජාතිකයන් විදේශිකයනට වඩා අඩුවෙන් වැටුප් ලබන බවයි. ලෝක බැංකුව හා සෞදි ජාතික ආර්ථික හා සැලසුම් අමාත්‍යංශ අධ්‍යයනයකින් සොයා ගැනුණේ ගල්ෆ් සහයෝගීතා මණ්ඩලයට අයත් රටවල වැටුප් හා සසඳනවිට සෞදි අරාබියේ පෞද්ගලික අංශය සෞදි ජාතිකයනට ගෙවන වැටුප් අඩු බවයි.
එකම රැකියාව කරන සෞදි පිරිමින් සෞදි කතුනට වඩා සියයට 20 කින් වැටුප් ලබන බවද එම අධ්‍යයනයේදී සොයා ගැනිණි. වැටුප් ප්‍රමාදයකින් තෙිාරව සේවාදායකයාට ලැබෙන්නේද යන්න විද්‍යුත් පසුවිපරම් ක්‍රමයකින් නිරීක්ෂණය කිරීමටද සැලසුම් කර ඇත.


Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්