අම්බලන්ගොඩ බස් නැවතුම්පළ අසලදී අතුරුදන් වූ දරුවා දඹුල්ලේ යාචකයෙක් ළඟ

මීට වසරකට පමණ පෙර අම්බලන්ගොඩ බස් නැවතුම්පළ අසලදී අතුරුදන් වූ වයස අවුරුදු 04 ක පිරිමි දරුවෙකු දඹුල්ල නගරයේ යාචකයෙකු භාරයේ සිටියදී සොයාගෙන තිබෙනවා. සිය මිත්තණිය භාරයේ සිටියදී මෙම දරුවා අතුරුදන්ව ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදීයි.

පසුව මිත්තණිය සහ ඇගේ සැමියා මෙම දරුවාගේ ජායාරූපයක්ද රැගෙන දරුවා සොයමින් රට වටා ගොස් තිබෙනවා. පසුගියදා දඹුල්ල නගරයට පැමිණි ඔවුන්, අදාළ ජායාරූපය නගරවාසීන්ට පෙන්වා ඇති අතර එහිදී එක් පුද්ගලයෙකු ප‍්‍රකාශ කර ඇත්තේ අදාළ දරුවා යාචකයෙකු ළඟ සිටින බවයි. පසුව දඹුල්ල පොලිසිය සමඟ ගොස් දඹුල්ල - මිරිස්ගෝනියාව ඔය පාලම යට සිටියදී අදාළ යාචකයා සමඟ දරුවා  (21) සොයා ගත්තා.


දරුවාගේ මිත්තණිය වන වී. වඩුවෙල් සිවපාක්‍යම් පවසන්නේ දරුවාගේ නම බුද්ධික හෙවත් සුබ‍්‍රමනියම් ආරුමුගම් බවයි. තමන්ට මත්පැන් පානය කිරීමට සලස්වා මෙම යාචකයා දරුවා රැගෙන ගිය බවයි ඇය හිරු ප‍්‍රවෘත්ති අංශයට ප‍්‍රකාශ කළේ.

කෙසේ වෙතත්, කෑගල්ල ප‍්‍රදේශයේ පදිංචිකරුවෙකු වන යාචකයා පොලිසියට පවසා ඇත්තේ මෙම දරුවා තමන්ගේ බවයි. දරුවාගේ නම රාජු බවද ඔහු ප‍්‍රකාශ කර තිබෙනවා. එය සනාථ කිරීම සඳහා තමා සන්තකයේ දරුවාගේ උප්පැන්න සහතිකය නොමැති බවත් තමාගෙන් වෙන්ව සිටින බිරිඳ එය රැගෙන ගොස් ඇති බවත් ඔහු පොලිසියට ලබා දුන් කට උත්තරයේ සඳහන්. කෙසේ වෙතත්, දරුවාගේ මව්පියන් දෙදෙනාට මේ පිළිබඳව දැනුම් දීම සඳහා ඔහුගේ සීයා දෙමාපියන් පදිංචිව සිටින අකුරැස්ස ප‍්‍රදේශයට ගොස් තිබෙනවා.

කෙසේ වෙතත්, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ සඳහන් කළේ දරුවගේ පීතෘත්ත්වය තහවුරු කර ගැනීම සඳහා ඞී. එන්. ඒ පරීක්ෂණයක් සිදු කිරීමට නියමිත බවයි.

මේ අතර, සැකකාර යාචකයා අද පස්වරුවේ දඹුල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ලබන මස 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. යළි නඩුව කැඳවනතුරු  දරුවා අනුරාධපුර අභය ළමා නිවාසයේ රඳවා තබන ලෙසයි දඹුල්ල වැඩබලන මහෙස්ත‍්‍රාත් නිලූකා විජේරත්න පොලිසියට නියෝග කර ඇත්තේ. එදිනට බලපිටිය මහෙස්ත‍්‍රාත් අධිකරණය හමුවේ නඩුව විභාගයට ගන්නා ලෙසද මහෙස්ත‍්‍රාත්වරිය දැනුම් දී තිබෙනවා.


 උපුටා ගැනීම hirunews.lk

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්