ඔසාමා මෙහෙයුම ගැන රහස් එලිකරයි (වීඩියෝ දර්ශන සහිතයි).
සි.අයි.ඒ. සංවිධානය විසින් සිදුකළ රහසිගත මෙහෙයුමකදී අල්කයිඩා නායක ඔසාමා බින් ලාඩ්න් පාකිස්තානයේ ඇබොට්ටාබාද්හිදී, 2011 දී මැයි 02 වනදා ඝාතනය කළත් මෙම මෙහෙයුමේ බොහෝ දේ අදටත් රහසක්ව පවතී.
කෙසේවෙතත්, ඔසාමා බින් ලාඩ්න්ව වෙඩි තබා ඝාතනය කළ ඇමරිකානු සෙබලා මේ වනවිට මාධ්‍ය හමුවේ පෙනී සිට එම සිද්ධිය සිදුවූ ආකාරය අනාවරණය කර ඇත.

මෙම වැඩසටහන මේ නොවැම්බර් මාසයේදී විකාශය කිරීමට සැලසුම් කර ඇතැයි සඳහන්ය.
අල්කයිඩා නායකයා ඝාතනය කෙරුණු මෙම මෙහෙයුමේ මෙතෙක් අනාවරණය නොවූ රහසිගත සිදුවීම් රැසක් මෙම වැඩසටහනින් හෙළිවීමට නියමිත බව වාර්තා වේ.
ඔසාමා බින් ලාඩ්න්ට වෙඩි තැබූ මෙම සෙබලා පවසා තිබෙන්නේ ඔහු විසින් ජීවිතයේ කළ හොඳම දෙය හෝ නරකම දෙය මෙම ඝාතනය විය හැකි බවයි.
ඔහු එම ප්‍රකාශය කර තිබුණේ මෙසේයි.
“And I remember as I watched him breathe out the last part of air, I thought: Is this the best thing I’ve ever done, or the worst thing I’ve ever done?” he said.
මෙම සෙබලාගේ අනන්‍යතාවය හෙළි නොවන අයුරින් මීට පෙර කර තිබූ සාකච්ඡාවක් මෙන්න.