කුමාර් ගුණරත්නම් නැවතත් කරළියට

කැනඩාවේ සිට ඔහු එලෙස කීවේ ලංකාදීප එසැණ සමඟ ස්කයිප් ඔස්සේ සාකච්ඡාවකට එක්වෙමිනි.
ඕස්ට්‍රේලියාවේ පුරවැසි භාවය හිමි ගුණරත්නම් ශ්‍රී ලංකාවට පැමිණ සිටිය දී පිරිසක් විසින් පැහැරගෙන ගියැයි චෝදනා එල්ල වූ අතර 2012 අප්‍රේල් 10 වැනි දා අලුයම දෙමටගොඩ දමා ගොස් සිටිය දී හමුවීමෙන් පසු එදින පෙරවරු 7.40ට ඔහු පිටුවහල් කැරිණි. වීසා කාලය ඉක්මවා ලංකාවේ රැඳී සිටීමේ වරදට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දඩ ද නියම විය.


1965 නොවැමිබර් 18 වැනිදා කෑගල්ලේදී උපන් පේ‍්‍රමකුමාර ගුණරත්නමි කෑගල්ල ශාන්ත මේරි විද්‍යාලයෙන් සහ පින්නවල මහ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය ලබා ඇති මොහුගේ සහෝදරයා 1988 වසරේ රජයේ ආරක්ෂක හමුදා විසින් ඝාතනය කැරිණි.
පසුව ගුණරත්නම් ද අධ්‍යාපනය අත හැර දැමීය. සිංහල වෛද්‍යවරියක වූ චමිපා සෝමරත්න මහත්මිය සමග විවාහ වූ ඔහු නොයෙල් මුදලිගේ යන නමින් ඕස්ට්‍රේලියාවේ පුරවැසිභාවය ලබාගෙන ඇත.
ලංකාවෙන් පිටුවහල් කිරීමට හේතුව, ලබන ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීම, ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය, වමේ දේශපාලනය, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති, පෙරටුගාමී පක්ෂයේ ඡන්ද පදනම සහ ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය ගැන ද ගුණරත්නම් මහතා අදහස් දැක්වීය.
කුමාර් ගුණරත්නම් සමඟ කළ සම්පූර්ණ සාකච්ඡාව පහත වීඩියෝවෙන්.

උපුටා ගැනීම: lankadeepa.lk