සුපර්මාර්කට් හිමිකරුවන් බද්ද ගෙවීමට තීරණය කරයි



බඩු වල මිල ඉහල යාමක් නැහැ

පසුගිය ජනවාරි පළමුවනදා පටන් කාර්තුවකට මිලියන 500 කට වඩා උපයන වෙළඳසල් සඳහා 12% ක වැට් බද්ධක් පනවා ඇති පුවත මෙයට පෙර අප ඔබ වෙත වාර්තා කළා. 

එහිදී කාගිල්ස් සිලෝන් සමාගම, රිචර්ඩ් පීරිස් සමාගම ඇතුළු සුපර්මාර්කට් වෙළඳසල් හිමියන් එක පාර්ශවයක් වශයෙන් නැගී සිටි අතර මෙම බද්දෙන් ඔවුන්ට වන අලාභය අවම කරගැනීම සඳහා උත්සාහ කිරිය. 

ඒ අනුව ඔවුන් රජයේ නියෝජිතයන් සමග සාකච්චා කෙරු අතර ඉන් පසුව නිෂ්පාදකයන් වෙත බලකොට සිටියේ 12 % බද්ද ඔවුන් විසින් ගෙවීමට කටයුතු කරන ලෙසයි. 

නිෂ්පාදකයන් එසේකළහොත් සමත භාණ්ඩ වලම මිල ඉහල යාමක් සිදුවිය හැකි බවට මෙයට පෙර ලිපියේ අප විසින් හෙළිකොට තිබුනා. 

නමුත් මේ වනවිට අප වෙත වාර්තා වන්නේ සුපර්මාර්කට් හිමියන් 12 % වැට් බද්ද ඔවුන් විසින් විඳ දරාගැනීමට සුදානම් බවයි. 

මෙයින් ඔවුන්ට හිමිවන ලාභයෙන් කොටසක් අහිමිවන අතර පොදුජනයා වෙත එම බදු මුදල තල්ලු කිරීමේ උත්සාහය අතහැර ඔවුන්ගේ ආදායමෙන් එය ගෙවීමට තීරණය කිරීම අගයකලයුත්තකි. 

මේ අනුව ජනාධිපතිවරයා අයවැය කතාවේදී කල ප්‍රකාශය අනුව මෙම බද්දෙන් අපේක්ෂිත මුදල් රැස් කරගැනීමට හැකිවනු ඇත.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්