ශ‍්‍රී.ල.නි.ප. නොමැතිව සන්ධානයේ පක්ෂ 4ක් අද නුගේගොඩට එක්වෙයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ඉදිරි මහමැතිවරණයේදී අගමැති අපේක්ෂයා විය යුතු බවට පවසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂ කිහිපයක් නුගේගොඩ දී අද (18) රැළියක් පවත්වනවා. මෙහි තේමාව මහින්ද සමග රට දිනවීමට ඔබ සූදානම්ද යන්නයි. මෙම රැළියට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සහභාගි නොවන බවට ප‍්‍රකාශ කර තිබුණත් පක්ෂයේ සිටින ඇතැම් ප‍්‍රාදේශීය දේශපාලනඥයින් මීට එක්වීමට දැනටමත් ප‍්‍රකාශ කර අවසන්.


නුගේගොඩ මංසන්ධියේදී පැවැත්වීමට නියමිත මෙම රැළිය සංවිධාන කර ඇත්තේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට අයත් පක්ෂ වන මහජන එක්සත් පෙරමුණ, ජාතික නිදහස් පෙරමුණ, ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණ සහ පිවිතුරු හෙළ උරුමය එක්වයි.

 ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ මහ ලේකම්  හිටපු අමාත්‍ය අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා  කියා සිටියේ මෙම රැළියට එක්වන ලෙසට තම පක්ෂයට ආරාධනා කර නොමැති බවයි.

කෙසේ වෙතත්, තංගල්ලේ ඊයේ පැවැති රැස්වීමකට එක්වූ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ කියා සිටියේ නිදහස් පක්ෂයේ නායකයන් බලහත්කාරයෙන් ජනතා හදවත්වලින් ඈත් කළ නොහැකි බවයි. දේශපාලන මඩ ගැසීම් සහ අපහාස කිරීම් නතර කළ යුතු බව හිටපු ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළා.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්