රෝගියෙකුගේ ඡායාරූපයක් රෝගියාටම පෙන්වා ටිකට් විකුණූ 3ක් අත්අඩංගුවට

හෘදයාබාධ රෝගී තත්ත්වයක සිට මීට වසර 8 කට පෙර සුවවූ පුද්ගලයෙකුගේ ඡායාරූපයක් ඇතුළත් කර ටිකට්පත් මුද්‍රණය කර වංචනික ලෙස මුදල් ඉපයූ පුද්ගලයන් තුන්දෙනෙකු දඹුල්ල පොලීසිය ඊයේ (17) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, අදාළ පුද්ගලයන් මෙම ටිකට් පතෙහි මුද්‍රිත ඡායාරූපයේ සිටින පුද්ගලයාටම බස් රථයක් තුළදී ටිකට්පත විකිණීමට ගිය අවස්ථාවේදියි.
සීගිරිය ප‍්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු වන මොහු මීට වසර 8 කට පෙර තමන්ට වැළඳුනු හෘදයාබාධ රෝගී තත්ත්වයක් සුවකරගැනීම සඳහා ටිකට් පත් මුද්‍රණය කර ඒ සඳහා අවශ්‍ය මුදල් රැස් කරගෙන තිබුණා. අනතුරුව හෘද රෝග සැත්කමක් සිදුකොට දැන් ඔහු නිරෝගී තත්ත්වයෙනුයි සිටින්නේ.

කෙසේ වෙතත්, ඔහු ඊයේ දඹුල්ල ප‍්‍රදේශයේ බස් රථයක ගමන් ගන්නා අවස්ථාවේදී සැකකරුවන් පැමිණ ඔහු වෙත ටිකට් පතක් ලබාදී තිබෙනවා. අදාළ ටිකට් පතේ සඳහන් ඡායාරූපය තමන්ගේ බව දැනගත් ඔහු පසුව මේ සම්බන්ධයෙන් දඹුල්ල පොලීසිය වෙත පැමිණිල්ලක් සිදුකර ඇති අතර ඊට අදාළවයි ඊයේ පස්වරුවේ මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගැනුනේ. ඔවුන් තඹුත්තේගම සහ කලාවැව ප‍්‍රදේශවල පදිංචි, වයස අවුරුදු 25, 23 සහ 32 වන වයස්වල පසුවන්නන්.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්