මුතුහෙට්ටිගම සිංගප්පූරුවේ සිට කථා කරයි ( video )

වඳුරඹ පොදු අපේක්ෂක වේදිකාවට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් බද්දේගම මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් වරෙන්තු ලැබූ නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම අද (26) අලූයම් කාලයේ සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා. කටුනායක ගුවන් තොටුපළ ආරංචි මාර්ග සඳහන් කළේ අද අලූයම 1.30 ට පමණ ප‍්‍රභූ පර්යන්තයෙන් නියෝජ්‍ය අමාත්‍යවරයා සිංගප්පූරුව බලා නික්ම ගොස් ඇති බවයි.


මේ සම්බන්ධයෙන් කොළඹ දී අද (26) පැවති මාධ්‍ය හමුවේදී පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණද අදහස් පළ කළා. ඔහු කියා සිටියේ අද අලූයම නියෝජ්‍ය අමාත්‍යවරයා සිංගප්පූරුවට ගිය බව ආගමන විගමන බලධාරීන් විසින් තහවුරු කර ඇති බවයි.

නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම සිංගප්පූරුවේ සිට නැවත මෙරටට පැමිණීමේදී ගුවන් තොටුපලේදී ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්පතිවරයා විසින් අදාළ අංශ වෙත උපදෙස් ලබාදී ඇති බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

කෙසේ වෙතත්, සිංගප්පූරුව බලා ගිය නිශාන්ත මුතුහෙට්ටිගම මන්තී‍්‍රවරයා මාධ්‍යවේදියෙකු සමඟ දුරකතන සංවාදයක නිරත වී තිබුණා. ඒ, සංවාදයයි මේ.



නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම සහ ඔහුගේ රියදුරා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි බද්දේගම මහේස්ත‍්‍රාත් චන්දිම එදිරිමාන්න පසුගිය 24 වැනිදා වරෙන්තු නිකුත් කළා. ඒ, වඳුරඹ දී පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේනගේ වේදිකාවකට ගිනි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් පොලිස් භාරයේ සිටියදී පැහැරගෙන යාමේ සිද්ධිය සම්බන්ධයෙන්. පොලිස්පතිවරයා මගින් මෙම වරෙන්තුව කි‍්‍රයාත්මක කරන ලෙසයි මහේස්ත‍්‍රාත්වරයා එහිදී දැනුම් දුන්නේ.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්