හුණු වටයේ කතාව දෙක බලපිටිය උසාවියේදී


අම්බල්ගොඩ බස් නැවතුම් පොළේදී සිය මිත්තණිය සමඟ සිටියදී පැහැරගෙන ගොස් දඹුල්ලේදී හිගා කෑමට යොදා ගත් බව කියන දරුවා ගාල්ල කිතුලම්පිටිය රුහුණු ළමා නිවාසයට භාර දෙන ලෙස බලපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා  (23) නියෝග කළේය.
මෙසේ රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ ලොකු මුදියන්සේලාගේ කමල් නොහොත් කළු මල්ලිය. සැකකරු දඹුල්ලේ පදිංචිව සිටින බව අධිකරණයට දැනුම් දී තිබිණි.

2013 වසරේ නොවැම්බර් මස 12 වන දින අම්බල්න්ගොඩ බස් නැවතුම්පොළේදී මිත්තනිය සමඟ සිටියදී පැහැරගෙන ගිය බව කියන සුබ්‍රමනියම් බුද්ධික නැමැති සිව් හැවිරිදි දරුවා  (22) හවස අම්බලන්ගොඩ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කැරිණි.
මහේස්ත්‍රාත් නිල මැදිරියේදී සැකකරු හඬමින් කියා සිටියේ දරුවා ඔහුගේ පුතකු බවයි. එහෙත් සැකකරු පසුව මහේස්ත්‍රාත්වරයා වෙත කියා සිටියේ මිත්තනිය සමඟ අම්බලන්ගොඩදී හමුවූ දරුවා දරු කමට හදා ගැනීම සදහා ගෙන ගිය බවයි. ඒසේම දරුවාට තමන් පණ මෙන් ආදරය කරන බවත් මෙම දරුවා හැර වෙනත් කිසිවකු තමන්ට නොමැති බවත්ය.
එහිදි බලපිටිය මහේස්ත්‍රාත් බෝදරගම මහතා සැකකරුට කියා සිටියේ යම් ප්‍රශ්ණයක් වේ නම් ඉදිරි නඩු දිනයේදී එම ඉල්ලීම කරන ලෙසය.
ඉදිරි නඩු දිනයේදී දරුවා සම්බන්ධයෙන් යම් ලේඛනයක් වෙතොත් ඒවාද දරුවාගේ භාරකාරත්වය පිළිබද ඉල්ලීමක් කරන ලෙස දරුවාගේ මව වන නාඩරාජා ජීවරාණි මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.
දරුවාගේ අයිතිවාසිකම් හා දරුවාගේ මව වෙනුවෙන් නීතිඥ ආර්.ඒ.පී.ලංකාදේව මහතා පෙනී සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් අම්බලන්ගොඩ පොලිසියේ උප පොලිස් පරික්ෂක සිසිර කුමාර මහතා පෙනී සිටියේය.

 සබැඳි පුවත් :

අම්බලන්ගොඩ බස් නැවතුම්පළ අසලදී අතුරුදන් වූ දරුවා දඹුල්ලේ යාචකයෙක් ළඟ

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්