Posts

නව වසරේ විවාහ ලියාපදිංචි කිරීමේ ගාස්තුව 400%කින් ඉහළට

Image
නව වසර උදාවත් සමඟ අලුතෙන් ලියාපදිංචි කරන විවාහ සඳහා ගාස්තුව රු. 4,000කින් වැඩි කිරීමට රජය තීරණය කර තිබෙනවා. මේ අනුව විවාහ රෙජිස්ටාර් කාර්යාල වලින් පිටත කෙරෙන විවාහ ලියාපදිංචිය සඳහා අද සිට රු. 5,000ක් අය කරෙනු ඇති. එය 400%ක වැඩිවීමකි. මෙසේ අය කෙරෙන මුදලින් රු. 3,500ක් රජයේ බදු ලෙසත් ඉතිරි 1,500 රෙජිස්ටාර්වරයාටත් හිමිවෙයි. රෙජිස්ටාර් කාර්යාලයකදී විවාහයක් ලියාපදිංචි කිරීමේ මෙතෙක් අය කළ රු. 1,000ක මුදල එසේම පවතින අතර මෙම වැඩි කිරීම සිදුකර ඇත්තේ විවාහ රෙජිස්ටාර් කාර්යාලයෙන් පිටත උත්සවශාලා, නිවාස, හෝටල් ආදී ස්ථාන වල කෙරෙන විවාහ සඳහාය. මෙම නව බදු අයකිරීම මුදල් අමාත්‍යාංශයේ තීරණයක් අනුව වන බවයි විවාහ රෙජිස්ටාර් ජෙනරාල් එඊ.එම් ගුණසේකර මහතා පවසන්නේ. දිනකට ලංකාවේ 500ක් පමණ ලියාපදිංචි වන අතර 2011 වසරේ ලියාපදිංචි වී ඇති විවාහ සංඛ්‍යාව 182,000ක් පමණ වෙයි. එයින් 30%ක් රෙජිස්ටාර් කාර්යාලයෙන් පිටත සිදුකර ඇති බව වාර්තාවේ. කෙසේ වුවද 2010 වසරට සාපේක්ෂව 2011 වසරේ විවාහ ලියාපදිංචි කළ සංඛ්‍යාවද 3.4% කින් අඩු වී ඇති බවයි රෙජිස්ට‍්‍රාර් දෙපාර්තමේන්තුවේ 2011 කාර්ය සාධන වාර්තාවේ සඳහන් වෙන්නේ.

අම්පාර අඩාලච්චේන ළිඳකින් රතු වර්ණයෙන් වතුර මතුවෙයි

Image
අයගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නිකගොඩ හඳහන්දෙණිය දොළෙහි ජලය පසුගිය දෙසැම්බර් 7 වනදා සිට රතු පැහැයට හැරී තිබු අතර එහි වීඩියෝවක් අප ඔබට ගෙන ආවා. එමෙන්ම රත්නපුර, බටුගෙදර පරණ පාරේ පිහිටි නිවසක ළිඳකින් රතු වර්ණයෙන් වතුර මතුවීමක්‌ පිළිබඳ පුවතකුත් පසුගිය 13 දා වාර්තා වුණා. මේ අතර අම්පාර අඩාලච්චෙන සින්නපාලමුනේ ප්‍රදේශයේ ලිඳක වතුර සම්පූර්ණයෙන්ම රතු පාට වී තිබෙනවා. එය බැලීමට මේ වනවිට විශාල පිරිසක් එක් රොක් වෙමින් සිටින බවයි වාර්තා වෙන්නේ. මෙම වතුර ප්‍රයෝජනයට නොගන්නා ලෙසයි එම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිළධාරීවරයා උපදෙස්දී තිබෙන අතර එහි ජල සාම්පල් වැඩිදුර පරීක්ෂණයට යොමුකිරීමට ඔහු පියවර ගෙන තිබෙනවා. එම ලිඳේ ජලය රතුපාට විම පිළිබන්ද වීඩියෝවක් පහතින්.