මට කොණ්ඩයා කීවේ මාධ්‍යයි - පාපොච්චාරණය කළේ නෑ - ගුටිකන්න බැරි නිසා අත්සන් කළා - කොණ්ඩයා මාධ්‍ය හමුවක් තියයි තමා සේයා දැරිය ඝාතනයේ වගකීම බාරගනිමින් පාපොච්චාරණයක් නොකළ බවත්, සිදුවූයේ පොලීසිය විසින් කළ පහරදීම් දිගින් දිගටම ඉවසිය නොහැකි නිසා ඔවුන් විසින් ලියාදුන් ලියවිල්ලකට අත්සන් කිරීම පමණක් බව කොණ්ඩයා හෙවත් දුනේශ් ප්‍රියශාන්ත පවසයි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පොහොර උරයක් වැනි යමක් හිසට දමා ජීප් රථයට දමා ගෙන ගිය බවත්, පහරදුන් බවත් එහිදී බිත්තියේ වැද්දවීමෙන් හිස පවා තුවාල වූ බවත් ඔහු සඳහන් කළේය.