කොළඹ නගරය ආශ්‍රිත ප්‍රදේශ කිහිපයකට හෙට (09) දිනයේ පැය 12 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. ඒ අනුව හෙට පස්වරු 8.00 සිට ඉරිදා පෙරවරු 8.00 දක්වා කාලය තුළ අදාළ ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය. වොක්ෂෝල් වීදිය,කොටුව, පිට කොටුව, යූනියන් පෙදෙස, කොම්පඤ්ඤ වීදිය, චිත්තම්පලම් ඒ ගාර්ඩ්නර් මාවත, කුමාරන්රත්නනම් පාර සහ මැලේ වීදිය ප්‍රදේශවලට ජල සැපයයුම අත්හිටුවනු ඇති.