Posts

ජනපති මල්වතු අස්ගිරි මහ නාහිමියන් බැහැදකී.

Image
ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ  (11) උදෑසන මහනුවර ශ‍්‍රී දළදා මාළිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගත් බව නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය අංශය පවසනවා. මල්වතු මහා විහාරය වෙත ගොස් මල්වතු මහ

මැතිවරණ කොමසාරිස් අද පක්ෂ ලේකම්වරුන් හමුවේ.

Image
සියලූම දිස්ති‍්‍රක් තේරීම් භාර නිලධාරීවරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිස්වරුන් අද කොළඹට කැඳවා තිබෙනවා. ජනාධිපතිවරණයේ ඉදිරි කටයුතු පිළිබද සාකච්ජා කිරීම ස`දහා මෙම කැඳවීම සිදුකළ බවයි අතිරේක මැතිවරණ කොමසාරිස් යූ. අමරදාස කියා සිටියේ. පක්ෂ ලේකම්වරුන්ද මැතිවරණ මහ ලේකම් කාර්යාලය වෙත අද (12) පස්වරුවේ කැඳවා ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළා.

හෝකන්දර ගුවන්යානා අනතුරෙන් 4ක් මියයයි . (වීඩියෝ දර්ශන සහිතයි.)

Image
අතුරුගිරිය - හෝකන්දර ප‍්‍රදේශයට ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් ඒ.එන් 32 වර්ගයේ ගුවන් යානයක් අද (12) උදෑසන කඩා වැටීමට පැවති කාලගුණ තත්ත්වයන් බලපාන්නට ඇතැයි විශ්වාස කරන බව ගුවන් හමුදා ප‍්‍රකාශක වින් කමාන්ඩර් ගිහාන් සෙනෙවිරත්න සඳහන් කළා. හෝකන්දර - කැතරින් පාර්ක් නිවාස සංකීර්ණය අසල රබර් වත්තකට අද උදෑසන 6.20 ට පමණ එම ගුවන් යානය කඩා වැටුණු අතර යානයේ සිටි නියමුවන් ඇතුළු 4 දෙනෙකු ජීවිතක්ෂයට පත්වුණා. තවත් අයෙකු දැඩි පිලිස්සුම් තුවාල සහිතව මේ වනවිට ජාතික රෝහලේ ප‍්‍රතිකාර ලබනවා. යානය කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් පථයෙන් අද උදෑසන 06.10 ට පමණ පිටත්වී ඇත. පසුව, රත්මලාන බලා ගමන් ගත් යානයේ සන්නිවේදන හිටි හැටියේ නතර වූ බව ගුවන් හමුදා මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළා. නියමුවා අවසන් වරට ලබාදුන් සන්නිවේදනයෙන් ප‍්‍රකාශ වී ඇත්තේ ඉදිරි ගුවන් පථය පැහැදිලි නොමැති බව සහ මීදුමෙන් වැසී ඇති බවයි. ඒ.එන්.32 වර්ගයේ මෙම ගුවන් යානයේ පුද්ගලයන් 40 දෙනෙකුට ගමන් කළ හැකි අතර අනතුර සිදුවන අවස්ථාවේ එහි ගමන් කර ඇත්තේ නියමුවන් දෙදෙනෙකු සහ ගුවන් හමුදා නිලධාරින් 3 දෙනෙකු පමණයි. යානය කඩා වැටීමත් සමඟ ගින්නක් හට ගත් අතර, නිවාස 3

ගම්මන්පිල ගියාට ප්‍රශ්නයක් නැහැ පාඨලී කියයි.

Image
ගම්මන්පිලගේ තීරණය තමන් ඇතුළු හෙළ උරුමයට ප්‍රශ්නයක් නොවන බවත්, ඔහුත් තවත් එක් දේශපාලකයෙක් පමණක් නිසා එම දේශපාලන ගමනට සුබපතන බවත්, හෙළ උරුමයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක පවසයි.

" යහ පාලනයේ තැල්ල බදින්න නම් මව්බිම කියන බෙල්ල බේරගන්න වෙනවා " ගම්මන්පිල කියයි.

Image
‘එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ යහ පාලනය ගැන ප්‍රශ්න තියෙනවා.නමුත් යහ පාලනයේ තැල්ල බදින්න නම් මව්බිම කියන බෙල්ල බේරගන්න වෙනවා.පොදු විපක්ෂයක් එක්ක එකතුවෙලා රටට විනාශයක් වුණොත්  එහි කොටස් කාරයෙක් වෙන්න මට බැහැ .

සිරිසේන සමඟ ගිය මන්ත‍්‍රී... ජනපතිට වැඳ ආපසු එයි.

Image
පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහයෝගය පල කිරීම සඳහා එක්වූ මාතර නගර සභාවේ එජනිස මන්ත්‍රී රාජ් චන්ද්‍රලාල් මහතා යළිත් ආන්ඩු පක්‍ෂයට එක් විය. ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අරලියගහ මන්දිරයේදී හමු වී ඔහු සිරිසේන මහතාට එක් වීමට ගත් තීරණය මහා මෝඩකමක් බව පවසමින් ජනාධිපතිතුමාගේ දෙපා වැන්දේය. රාජ් චන්ද්‍රලාල් මහතා පසුගියදා මාතරදී විපක්ෂයේ අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ වේදිකාවට එක් විය. ===================================================================================== | යාලුවන්ටත් පෙන්න share >>>>>> කරන්න |

වාසු ආණ්ඩුවෙන් නොයයි.

Image
රාජපක්‍ෂවරුන් විසින් ආණ්ඩුව තුල විශාල වශයෙන් බලය මෙහෙයවමින් සිටින බවත් තමන් එයට එකඟ නොවන බවත් අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසයි.

මර්වින්ව විපක්ෂයට ගන්න එපා රතන හිමි කියයි.

Image
මහජන කටයුතු අමාත්‍ය මර්වින් සිල්වා මහතා විපක්ෂයට ගැනීම පිළිබඳ පූජ්‍ය අතුරලියේ රතන හිමියන් පොදු විපක්ෂයේ නායකයින්ට විරෝධය පළ කර තිබේ.

ගම්මන්පිල යළි කරණමක් ගහයි

Image
ජාතික හෙළ උරුමයේ  බස්නාහිර පළාත් සභා මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා මෙවර ජනපතිවරණයේදී  ජනපති මහින්ද රාජපක්ෂ මහතාට සහය දෙන බව කොළඹ ඩාලි පාරේ පිහිටි ශ්‍රී ලංකා නිදහස් පක්ෂ

වයිකෝ පාලක භාරතීය පක්ෂයෙන් ඉවත් වෙයි.

Image
ශ්‍රි ලංකාව පිළිබඳව ඉන්දීය මධ්‍යම රජයේ ප්‍රතිපත්ති පිළිගත නොහැකි බව පවසමින් තමිල්නාඩු එම්.ඩී.කේ.පක්ෂයේ නායක කොටි හිතවාදී වයිකෝ පාලක භාරතීය පක්ෂයෙන් ඉවත් වී ඇතැයි තානාපති ආරංචි මාර්ග වලින් පැවසේ.

දිනා දුන් නිදහස පාවාදීමට කටයුතු කරන පුද්ගලයන් ද්‍රෝහී වන්නේ තම මාතෘ භූමියට බැසිල් කියයි.

Image
දිනා දුන් නිදහස පාවාදීමට කටයුතු කරන පුද්ගලයන් ද්‍රෝහී වන්නේ තම මාතෘ භූමියට සහ රටේ දරුවන්ට යැයි ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ මහතා පවසයි. එවැනි ද්‍රෝහීන්ට වර්තමාන හෝ අනාගත පරම්පරාවලින් කිසිදු සමාවක් හිමි නොවන බව ද අමාත්‍යවරයා කියාසිටියේය.

රට ගොඩනැගීමට සියලූදෙනා එක්විය යුතුයි. ජනපති

Image
ජනතාව වෙනුවෙන් ලබාදුන් පහසුකම් ආරක්ෂා කරගනිමින් රට ගොඩනැගීමට සියලූදෙනා එක්විය යුතු බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළා. ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ රජයේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ වාර්ෂික සම්මේලනයට සුගතදාස ගෘහස්ත ක‍්‍රීඩාංගනයේදී අද (09) එක්වෙමින්. සෞඛ්‍ය සේවාවේ සියලූ පහසුකම් ජනතාවට නොමිලේ ලබාදෙන වෙනත් කිසිදු රටක් ලෝකයේ නොමැති බවද ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී කියා සිටියා.  ඔහු කියා සිටියේ පෞද්ගලිකකරණය වළක්වා රාජ්‍ය සම්පත් සුරක්ෂිත කළ රජයේ වැඩපිළිවෙල ගැන සිතා බැලීමට කාලය පැමිණ ඇති බවයි.

ඉපදුණු ගමන් බිළිදා කැලේට විසිකරයි.

Image
අවිවාහක අවුරුදු 19 ක කාන්තාවක් ඊයේ (08) පස්වරු 6 ට පමණ ප‍්‍රසූත කළ පිරිමි බීළිදෙකු තම නිවසේ ගෙවත්තේ දමා තිබීයදී ආගරපතන ඩයගම පොලීසිය මඟින් රාත‍්‍රී 7 ට පමණ සොයාගෙන තිබෙනවා. පොලීසියට ලැබුණු තොරතුරක් මත

ජනපති තිරුපති යයි.

Image
සන්ධාන ජනපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතා දකුණු ඉන්දියාවේ තිරුපති කෝවිල වෙතට පැමිණ අද (9) සහ හෙට (10) දෙදින එහි ආශිර්වාද දේව පූජාවලට සහභාගීවීමට නියමිත බැව් ඉන්දීය මාධ්‍ය කියයි.

පොලිස් බල්ලා හිමිකරු ළඟටම යයි

Image
අලුත්ගම දර්ගා නගරයේ යතුරු පැදි කඩයකට සඳුදා (08) අලුයම ගල් ගසා අලාභ හානි කිරීමේ සිද්ධිය ගැන පරීක්ෂණ පවත්වන පොලිසිය, පොලිස් සුනඛ වූෂි සඳුදා සවසම එහි රැගෙන ගියේය.

සිදුහත් උපන් තැන විභාග අංශයත් නොදනී?

Image
අපෝස සාමාන්‍ය පෙළ විභාගයේ අද(09) පැවැති බුද්ධ ධර්මය ප්‍රශ්න පත්‍රයේ පළමු බහු වරණ ප්‍රශ්නය ගැටළු සහගත බව සිසුහු සහ ගුරුවරු පවසති. පාසල්වල හා පිරිවෙන්වල බුද්ධ ධර්මය උගන්වන ස්වාමීන්වහන්සේලා කිහිප නමක්ද කීවේ එම ප්‍රශ්නයේ ගැටළුවක් ඇති බවයි. එම ප්‍රශ්නය මෙසේය.

ලොවටම කියා ඇනකොණ්ඩාගේ බඩට යන්න හැදූ පුද්ගලයාට වැඩ වරදී ( වීඩියෝ සහිතයි )

Image
පසුගිය දිනෙක මාධ්‍ය ඔස්සේ විශාල ප්‍රසිද්ධියක් ලබාදෙමින් පුද්ගලයෙක් විසින් ඇනකොණ්ඩාවෙකුගේ උදරය තුලට යාමට සැරසීමේ පුවතක් වාර්තා කලා. ඒ සඳහා ඔහු සුවිශේෂී උපක්‍රම රාශියක්ම භාවිතා කරන බවයි මාධ්‍ය වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කොට තිබුණේ.

තවත් ඇමරිකානු රහස් මෙහෙයුමක් හෙළිවෙයි.

Image
ලොව ක‍්‍රියාත්මක සෑම දුරකථන ජාලයක්ම සිය නිරීක්‍ෂණය යටතට ගැනීම සඳහා ඇමරිකානු ජාතික ආරක්‍ෂක ඒජන්සිය විසින් මෙහෙයුමක් සිදුකර ඇතැයි අනාවරණය වී තිබේ. මේ බව හෙළිකර ඇත්තේ හිටපු චරපුරුෂ නිලධාරී එඞ්වඞ් ස්නොව්ඩන් විසින් ලබාදුන් රහසිගත ලියවිලි පරීක්‍ෂා කරමින් සිටින ද ඉන්ටර්සෙප්ට් වෙබ් අඩවිය විසිනි.