Posts

රනිල් අගමැති කරවන්න බෑ.. සෝභිත හිමි, ගම්මන්පිල විරුද්ධයි.. JHU-මෛත‍්‍රී ගිවිසුමේ ඇතුළු කතාව මෙන්න…

Image
ජාතික හෙළ උරුමය හා පොදු අපේක්‍ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතා අතර මීළඟ ජනාධිපතිවණය වෙනුවෙන්  ඇති කරගත් එකඟතාවය හේතුවෙන් හෙළ උරුමයේ බරපතල බිඳීමක් මතුව ඇති බව එම පක්‍ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි. දෙපාර්ශ්වය අතර ගිවිසුම අත්සන් කරන්නට පෙර රැස් වූ හෙළ උරුමයේ මධ්‍යම කාරක සභාව තුල වැඩි පිරිසක් මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහාය දක්වීමට විරෝධය පල කර ඇත.

මම කිවුවේ ඇමති මණ්ඩලයට එන ෆයිල් ගැනයි ..

Image
තමන් සඳහන් කළේ අමාත්‍ය මණ්ඩල රැස්වීමට අමාත්‍යවරුන් එවන ෆයිල් ගැන බව ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය අද (05දා) අරලියගහ මන්දිරයේදී පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ප්‍රධානීන් සමග පැවැති හමුවකදී, ජනපතිවරයා පසුගියදා ප්‍රකාශ කළ ෆයිල් කතාව සම්බන්ධයෙන් මාධ්‍ය ප්‍රධානීන් හා

මහින්දානන්දට වාදපිටියේදී ඇමතූ පේක්‍ෂකයා රන්ජන් රාමනායක ද?

Image
පෙරේදා දිනයේ දෙරණ වාදපිටිය වැඩසටහන අතරතුරදී ඇමති මහින්දානන්ද අලූත්ගමගේ මහතාගෙන් පේක්‍ෂකයෙක් ලෙස ප‍්‍රශ්ණ යොමු කර ඇත්තේ එජාප පාර්ලිමේන්තු මන්ත‍්‍රී රන්ජන් රාමනායක බව හෙළිව තිබේ.

සිහි නැතිකර ඥාති දුව කෙළෙසයි

Image
දහසය හැවිරිදි තරුණියක සිහිනැති කර කෙළෙසූ පුද්ගලයකුට නැගෙනහිර පූර්වගාමී පළාත්බද මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා වසර 15 ක බරපතල වැඩ ඇතිව සිර දඬුවමක් නියම කළේය.

රාජිතගෙ ගෙට හොරු පනිති

Image
හිටපු ධීවර ඇමැති දොස්තර රාජිත සේනාරත්නගේ බේරුවල හෙට්ටිමුල්ලේ දෙමහල් නිවසට ඇතුළු වූ සොරුන් ලිපි ගොනු පහක්, පිටි පැකට් පහක්, අයිපෑඩයක් හා ටැබ්ලට් පරිගණකයක් ද කන්නාඩියක් ද සොරා ගෙන ඇතැයි පොලිසිය කියයි.

ලංකාවේ ඒඩ්ස් පතුරවන්නේ සමලිංගික සේවනයේ යෙදෙන පිරිමි විසින් බව හෙළි වේ

Image
පසුගිය දෙසැම්බර් පළමුවන දිනට දී තිබුණු ජාත්‍යන්තර ඒඩ්ස් දිනය නිමිති කරගෙන ලංකාවේ විවිධ සෞඛ්‍ය වැඩසටහන් ක්‍රියාත්මක වුනා. ශ්‍රී ලංකාවේ ඒඩ්ස් රෝගීන්ගේ යම් වැඩි වීමක් පසුගිය වසර කිහිපයේ දක්නට ලැඛෙන බව ජාතික ලිංගාශ්‍රිත හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසනවා.

කි‍්‍රස්මස් දූපත අත්පත් කරගත් රතු කකුළුවෝ.

Image
පරපුර බෝ කිරීම සඳහා සයුර වෙත යමින් සිටින ලක්ෂ සංඛ්‍යාත රතු කකුළුවන් නිසා මේ දිනවල  ඕස්ටේ‍්‍රලියාවේ කි‍්‍රස්මස් දූපතේ බොහෝමයක් මාර්ග වසා දමා ඇත.

ඇමරිකාවේ රහසිගතව නිර්මාණය වෙන්න අදිබලති ගුවන් යානය.

Image
ශබ්දයේ වේගය මෙන් හයගුණයක වේගයක් අත්කර ගත හැකි නවීන තාක්ෂණ පහසුකම් වලින් පිරි ගුවන්යානයක් නිර්මානය කිරීමේ අතිශය රහසිගත ව්‍යාපෘතියක් ඇමරිකාව කි‍්‍රයාත්මක කරමින් සිටී යැයි මතයක් ලොව පුරා ගුවන්යානා විශේෂඥයින් අතර පැතිර යමින් තිබේ. පසුගියදාක බි‍්‍රතාන්‍යයට ඉහළින් ඇසුණු මහා පිපිරුමක් මෙයට පදනම වී ඇත.විශේෂඥයින් පවසන්නේ එම පිපිරුම ශබ්දයේ වේගය පරදා දිවෙන යානයක සොනික් බූම් සංසිද්ධියේ ප‍්‍රතිඵලයක් ලෙස ඇසුණක් වන්නට ඉඩ තිබෙන බවයි.

ඇනකොන්ඩාගේ බඩේ පැය තුනක් සිටි ඇමරිකන් ජාතිකයා.

Image
ඇමරිකා ජාතික පරිසරවේදියෙකු වන පෝල් රොසෙලී ලොව අනෙකෙකුට නපුරු දුස්සවප්නයක් බඳුවන දෙයක් වුවමනාවෙන්ම අත්වින්දේය. ඔහු තමන්ව පණපිටින් ගිල ගැනීමට ඇනකොන්ඩාවෙකුට ඉඩ දුන්නේය. ඇනකොන්ඩාගේ ආහාරය බවට පත්වීමට ප‍්‍රථමයෙන් ඔහු කාබන් තන්තු වලින් තැනූ ශක්තිමත් මුත් ඉතා නම්‍යශීලී වන සංයෝගයෙන් තැනූ ඇඳුමක් ඇඟලා ගත්තේය.ඇනකොන්ඩා තමන් වෙත කැඳවා ගැනීමට සූකර ලේ වලින් හොද හැටි ස්නානය කළේය. ඇනකොන්ඩා ඔහු සොයා පැමිණියේය.ඔහු වටා දගර ගැසී ඔහුව ගිලගත්තේය.

ලොවෙන් සැඟවුනු නිරුවත් ගම්මානයක් බ්‍රිතාන්‍යයෙන්

Image
ලොව පුරා නිරුවත් මුහුදු වෙරළවල් පිළිබඳව වාර්තා වුනත් නිරුවත් ගම්මාන පිළිබඳව වැඩිවශයෙන් වාර්තා වී නොතිබිණි.කෙසේ නමුත් මේ වන විට අන්තර්ජාලය පුරා කතාබහට ලක්වන මාතෘකාවක් වී ඇත්තේ බ්‍රිතාන්‍යයේ නිරුවත් ගම්මානයක් පිළිබඳවයි.

"ඩොලර්වලට ගන්න පුළුවන් අය තවත් නෑ" ජනපති කියයි.

Image
පවුම්වලට හෝ ඩොලර්වලින් මිලට ගත හැකි අය තවත් තම ඇමැති මණ්ඩලයේ නැතැයි මහින්ද රාජපක්ෂ ජනපති මාතර දී ප්‍රකාශ කළේය.

ඡන්ද හිමි නාමලේඛනයට ඔබේ නම ඇතුළත්ද? (අන්තර්ජාලයෙන් පරික්ෂා කරගන්න)

Image
මැතිවරණ දෙපාර්තමේන්තුව සපයා ඇති පහත සඳහන් අන්තර්ජාල යොමුවට ගොස් තමන් ඡන්ද හිමියකු ලෙස ලියාපදිංචි වී ඇත්දැයි ඡන්ද දායකයන්ට ඕනෑම අවස්ථාවක පරීක්ෂා කර බැලිය හැකිය¡ඔබේ නම ඇතුළත්ව නැතිනම් ඒ බවද එහි දන්වා සිටින අතර තැන් කිහිපයක නම් ඇති අය හා ලියාපදිංචි දෝෂ සහිත අයටද ඒ ගැටලූ පරීක්ෂා කරගැනීමට මෙය උදව්වකි.

ජනපතිට ජය පැතීයැයි කරුණානිධි මෝදිට බනී

Image
මදුරාසියේ පැවති තිරුවල්ලුරන්  කවියාගේ උපන්දිනය සැමරුණු උත්සවයකදී තමිල්නාඩුවේ එම්.ඩී.කේ. පක්ෂ නායක එම් කරුණානිධි  ඉන්දිය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා  දැඩි විවේචනයකට ලක් කළේය.

අපේ මැතිවරණය ගැන ඉන්දියාව කියන කථාව ( වීඩියෝ දසුන් සහිතයි.)

Image
(ඉන්දියා රාජ්‍යසභා රූපවාහිනියේ අනුග්‍රහයෙනි) ඉන්දියාවේ රාජ්‍ය සභා රූපවාහිනිය ශ්‍රී ලංකාවේ ජනපතිවරණය ගැන ඉන්දියාවේ විශාරදයන් සමඟ සාකච්ඡාවක් පැවැත්වීය.

‘දුෂණය ඉහවහා ගිය ගොඩට යන්නත් බෑ‘ (වීඩියෝ දසුන් සහිතයි)

Image
‘ලොකුවට බැනර්,තොරණ,කටවුට් ගහන්න පුළුවන්  නමුත් ජනතා හදවතට හිතවත් වෙනන් බැරිනම්  වැඩක් නෑ.හොරකම ,මැරකම හා දුෂණයෙන් සියලු දේ වහනවානම් එක් එක් අයගේ පිට කසනවානම් ,සුදුහුණු ගානවානම්,අපේ රටට සුගතියක් වන්නේ නැතැයි‘ කළුතර දිස්ත්‍රික් සන්ධාන මන්ත්‍රී විදුර වික්‍රමනායක මහතා හොරණදී ප්‍රකාශ කළේය.

පේරාදෙණිය මල් වත්තේ ආරක්ෂාව තර කෙරේ.

Image
පේරාදෙණිය රාජකීය උද්භිද උද්‍යානයේ ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සිරිල් විජේසුන්දර  සදහන් කළේ ඒ සඳහා දැනටමත් පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් යොදවා ඇති බවයි.

"තව කට්ටිය එන්නත් ඉන්නවා "- චන්ද්‍රිකා කියයි.

Image
මෛත්‍රීපාල සිරිසේන කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් .විරුද්ධ මත ඉදිරිපත් කරන අය මහපාරේ මරා නොදැමු  කෙනෙක් .අනික් මතවලට ඇහුන්කන් දෙන්න පුළුවන් ඉවසන්න පුළුවන් නායකයෙක්.අද මේ සටනට ප්‍රධාන පක්ෂ එකතු වී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කුට්ටියක්ම ඉන්නවා. තව කට්ටිය එන්නත් ඉන්නවා‘ යැයි  හිටපු ජනපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මෛත්‍රීපාල සිරිසේන මහතාට  සහාය පළ කිරීම සඳහා වන අවබෝධතා ගිවිසුමට අත්සන් කිරීමේ උත්සවයේදී  කොළඹ විහාරමහාදේවි උද්‍යානයයේ එළිමහන් රංග පීඨයේදී කීවාය.

බාල වයස්කාර දැරිවියක් (14) සමග අඹු - සැමි ඇසුරක් පැවැත්වූ අයෙකු අත්අඩංගුවට.

Image
වයස අවුරුදු 14 ක් වන බාල වයස්කාර දැරිවියක් සමග අඹු - සැමි ඇසුරක් පැවැත්වූ බව කියන අයෙකුව ලබන 08 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස පුත්තලම වැඩ බලන මහේස්ත්‍රාත් අබ්දූල් කාදර් මහතා නියෝග කළේය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ කල්පිටිය ධීවර ගම්මානයේ පදිංචිකරුවෙකු වන 33 හැවිරිදි අයෙකුවය. අතවරයට ලක්ව ඇත්තේ කල්පිටිය - ධීවර ගම්මානයේ පදිංචිව සිටින දැරිවියකි.