ශ්‍රී දේවි "ශ්‍රී දේවිට" නඩු දමයි
“මලීනා“ නමැති සිනමාපටයක කතා ආකෘතිය රැගත් රාම් ගෝපාල් වර්මාගේ "ශ්‍රී දේවි" චිත්‍රපටිය මේ වන විට ඉන්දියාවේ දැඩි ආන්දෝලනාත්මක චිත්‍රපටියක් බවට පත් වී තිබේ. ඒ එම චිත්‍රපටියේ නම ශ්‍රී දේවී ලෙස යොදා ගැනීමෙන් තම ප්‍රතිරූපයට අපහාසයක් සිදු වන බව පවසමින් බොලිවුඩයේ සිනමා නිළි ශ්‍රී දේවී රාම් ගෝපාල් වර්මාට එරෙහිව නඩු පවරා තිබීමයි. ආන්දෝලනයට හේතු වූ අනෙක් සිදුවීම වන්නේ චිත්‍රපටියේ බොහෝ දර්ශන අසැබි බවක් පෙන්නුම් කරන බවත් එමගින් ළමුන්ට අනිසි බල්පෑම් සිදු වන බවට ඉන්දීය කාන්තා සංවිධාන චෝදනා එල්ල කිරීමයි.