රිහානි එල්ලා මරයි
තමාව බලහත්කාරයෙන් දුෂණය කිරීමට තැත්කළ පුද්ගලයෙකු ඝාතනය කළ ඉරාන ජාතික කාන්තාවක් එරට අධිකරණය විසින් එල්ලා මරාදැමීමත් සමග මෙම තීන්දුව සම්බන්ධයෙන් ඉරානය වෙත ලොවපුරා විරෝධයක් එල්ල වී තිබේ. ඉරානයේ සහ විදේශයන් හි සංවිධානය වූ පිරිස් ඇයට අභයදානය ලබාදෙන ලෙස ඉල්ලා සිටියදී මෙසේ රිහානි ජබ්බාරි නමැති 26 හැවිරිදි කාන්තාව එල්ලා මරාදමා ඇත්තේ ඇය මනුෂ්‍ය ඝාතකයෙකු බව පවසමිනි.