පිටසක්වල වස්තුවක් සොයාගනී
කාලගුණ තොරතුරු ලබාගැනීම සදහා උඩුගුවනට යැවුණු බැලූනයක ඇලී තිබී පිටසක්වලින් පැමිණ ඇතැයි සැක කළ හැකි ලෝහ ගෝලයක් සොයාගැනීමට හැකිවූ බව බි්රතාන්යයේ ෂෙෆීල්ඩ් හා බකිංහැම් විශ්වවිද්‍යාල විද්‍යාඥයෙක් කියයි. නමින් මිල්ටන් වයින්ව්රයිට් වන ඔහු විශ්වාස කරන ආකාරයට මෙම ගෝලය පෘථිවි වායුගෝලයට ඇතුළුවීම වෙනත් ආකාරයකට පැහැදිලි කළ නොහැකිය.වායුගෝලයේ විසිර පවතින කුඩා අංශූ එකතු කර ගැනීම සදහා බැලූනයේ සවිකර තිබූ අනාවරකයේ මෙම ගෝලය ගැටී ඇති බවට සලකුණු තිබෙන බවත් එසේ ගැටෙන්නට නම් ගෝලය අධික වේගයකින් පැමිණිය යුතු බවත් ඔහු කියයි. පෘථිවි ගුරුත්වයට හසුවී පෘථිවියේ වායුගෝලය හරහා පැමිණුනොත් මිස එවන් වේගයක් මෙම ගෝලයට අත්පත් කර ගැනීමේ කිසිදු හැකියාවක් නැතැයි ඔහුගේ තර්කයයි. ගෝලය එක්ස් රේ කිරණ පරීක්ෂාවකටද භාජනය කර තිබේ.එය සැදී තිබෙන්නේ ටයිටේනියම් හා වැනේඩියම් ලෝහ මිශ්‍රණයකින් යැයි සොයාගෙන ඇත.