Saturday, January 17, 2015

තිස්ස අත්තනායක සිංගප්පූරු යයි

හිටපු සෞඛ්‍ය අමාත්‍ය තිස්ස අත්තනායක මහතා සිංගප්පූරුව බලා පිටත්ව ගොස් තිබෙනවා.

ලංකාව ගැන ඇමරිකාවෙන් සහතිකයක්.

ශ‍්‍රී ලංකාව තුළ මේ වන විට නිර්මාණය වී ඇති නව වාතාවරණය තුළ පැහැබර අනාගතයකට බලාපොරොත්තු තැබිය හැකි බව ඇමරිකාව පවසනවා.

ලසන්ත වික‍්‍රමතුංග, භාරත ලක්ෂ්මන් ඇතුළු ඝාතන රැසකට වගකිව යුත්තේ ගෝඨාභය රාජපක්ෂ - මර්වින් සිල්වාගෙන් සී.අයි.ඩී. ය ට පැමිණිල්ලක්.

මාධ්‍යවේදී ලසන්ත වික‍්‍රමතුංග, භාරත ලක්ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර ඇතුලූ බොහෝ ඝාතන සඳහා වගකිව යුත්තේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී මර්වින් සිල්වා පවසනවා.

Thursday, January 15, 2015

සෙත්සිරිපායෙනුත් ෆයිල් පන්නන්න හදලා


බත්තරමුල්ලේ සෙත්සිරිපාය අමාත්‍යංශ සංකීර්ණයෙන් ඉවත් කිරීමට සැලසුම් කළැයි කියන ලිපිගොණු තොගයක් සුනිල් හඳුන්නෙත්ති මන්ත්‍රීවරයාගේ පරීක්ෂාවට භාජනය විය.

Wednesday, January 14, 2015

වෙළේ සුදා ලංකාවට


සමන්ත කුමාර නොහොත් වෙළේ සුදා පාකිස්තානයේදී අත් අඩංගුවට ගෙන කොළඹට ගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
හෙරොයින් මත් කුඩු ජාවාරම් සම්බන්ධයෙන් ඔහු පොලිසියට අවශ්‍යව සිටි බවද පොලිසිය පවසයි.
සමන්ත කුමාර විතානගේ නොහොත් වෙළේ සුදා රත්මලානේ මඩෝවිට පදිංචි කරුවකි. මුලින්ම කසිප්පු විකිණූ බව කියන ඔහු හෙරොයින් මත්කුඩු විකිණීමෙන් දෙවසරකදී රුපියල් 18 කෝටියකට ආසන්න වත්කම් හිමිකරගෙන සිටිතියි පොලිසිය අනුමාන කරයි.

Monday, January 12, 2015

හෙට පෞද්ගලික අංශයටත් නිවාඩු‍දෙන්න - කම්කරු දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්

හෙට (14) රාජ්‍ය හා බැංකු සේවකයින් සඳහා ලබාදෙන නිවාඩුවට සා‍පේක්ෂව පෞද්ගලික අංශය සඳහා ද නිවාඩු ලබාදෙන්නැයි කම්කරු දෙපාර්තමේන්තුව පෞද්ගලික අංශයේ සේවා යෝජකයින්ගෙන් කාරුණික ඉල්ලීමක් කරයි.

ජපනා දැක්ක ලංකාව මෙන්න

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පසු ගිය දින ලෝකයේ රටවල් කිහිපයක්ම  වැඩි වශයෙන් කතාබහට ලක්විය.
ඒ අතරින් ඉන්දියාව, ජපානය, චීනය වැනි රටවල් ගැන  ලංකාව සම්බන්ධකර ගනිමින් විවිධ ආකාරයේ කතා සමාජය තුළ වැඩි වශයෙන් මාතෘකාවක් වශයෙන් කතා බහට ලක්වුණි.

චීනය සම්බන්ධයෙන් කතා බහට ලක්වුයේ චීනයෙන් වැඩි වශයෙන් ආධාර හෝ ණය මුදල් රැගෙන ලංකාව චීන කොළණියක් බවට පත්වීමට  යන උත්සාහයක් සම්බන්ධයෙන් විපක්ෂයේ  සිටින විවිධ වු පුද්ගලයින්ගේ  විවේචනයට ලක්වීමයි.

අපි ලේකම් ගාවට ආවා.එතුමා සභාපතිවුනා ඔටෝ.-විජිත් විජයමුණි සොයිසා

සාම්ප්‍රදායික ගමනට විරුද්ද ගමනක් යන කට්ටියක් ඉන්නවා.
ඒ කට්ටිය කවුද කියලා දැනගනිමු රට වට කර බැන්දත් කට වට කර බදින්න බැරි වැට නැති කටෙන්.

රෙජිනෝල්ඩ් කුරේ
අපේ රටේ දේශපාලනයේ පෙර නොවූවිරු ගමනක්. ප්‍රශ්න කෝටියක් මතුවෙන්න පුළුවන්. සම්ප්‍රදායික අයට නොයෙකුත් සම්ප්‍රදායික ප්‍රශ්න මතුවෙන්න පුළුවන්. ඒ සම්ප්‍රදායික ගමනට එරෙහි ගමනක් අපි යන්නේ.

අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති අත්අඩංගුවට ගන්නැයි වරෙන්තුවක්.

14 හැවිරිදි පාසල් දැරියක් අපයෝජනයට ලක්කිරීම සම්බන්ධයෙන් අධි චෝදනා ලැබ සිටින අකුරැස්ස ප‍්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් අත්අඩංගුවට ගන්නා ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දේවිකා තෙන්නකෝන් අද වරෙන්තු නිකුත් කළා. ඒ, ඇපමත මුදාහැර සිටින විත්තිකාර හිටපු සභාපතිවරයා නඩුවට අදාළව අද අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන්.

අද 6 න් පසුව කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ ගමන් කළ හැකි උපරිම වේගය පැයට කිලෝමීටර් 70 යි.

අද පස්වරු 6 න් පසුව කොළඹ - මිගමුව මාර්ගය වසා දැමීමෙන් පසුව කොළඹ - කටුනායක අධිවේගී මාර්ගයේ වාහන ගමන් කළ හැකි උපරිම වේගය පැයට කිලෝමීටර 70ක් බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ ප‍්‍රකාශ කළා.

Sunday, January 11, 2015

‘ලංකාවට ඕනෑ රජෙක් නොවෙයි, සේවකයෙක්‘


සර්ව පාක්ෂික රජයක් පිහිටුවීම සඳහා ශ්‍රී ලංකාවේ සියලු දේශපාලන පාක්ෂිකයින්ට ආරාධනා කරන බව මහනුවර දළඳා මාළිගයේ පත්තිරිප්පුවේ විශේෂ පීඨිකාවක සිට ජාතිය අමතමින් ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉල්ලීමක් කළේය.

Friday, January 9, 2015

ජනපති මෛත්‍රීපාල මැතිඳුන්ගේ දිවියෙන් බිඳක්..

ජනාධිපති ධුරයට පත්වූ මෛත‍්‍රීපාල සිරිසේන 1951 සැප්තැම්බර් 2 වන දින පොළොන්නරුව - පුලතිසිපුර - ලක්උයන ගොවිජනපදයේ උපත ලැබූ අතර සහෝදර සහෝදරියන් 12 දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලායි. ඔහු පොළොන්නරුව තෝපාවැව විද්‍යාලයෙන් සහ පොළොන්නරුව රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. නව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ පියා දෙවන ලෝක යුද සමයේ හමුදා නිළධාරියෙකු වූ අතර මව ගුරු මාතාවක්.

අරලියගහ මන්දිරයෙන් නික්ම ගිය හිටපු ජනපති මහින්ද ගැන බිඳක්.

මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරු 6.30 ට පමණ අවසන් ප්‍රතිපලට නිකුත්වීමටත් ප්‍රථම කොල්ලුපිටියේ පිහිටි අරලියගහ මන්දිරයෙන් පිටව ගියා.
එහිදී වසර ගණනාවක් තමන් සමග සේවය කළ අරලියගහ මන්දිරයේ කාර්ය මණ්ඩලයට ස්තුති කිරීමට රාජපක්ෂ මහතා අමතක නොකළ අතර  පසුව ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණි මහින්ද රාජපක්ෂ මහතා මැති ඇමතිවරුන්ට ස්තුතිය පුද කළා.

ශ‍්‍රී ලංකාව ලෝක ප‍්‍රජාතන්ත‍්‍රවාදයට බලාපොරොත්තුවක් එක් කළා.-බැරක් ඔබාමා.

සාර්ථක සහ සාමකාමී මැතිවරණයක් පැවැත්වීම පිළිබදව ශ‍්‍රී ලංකාවට ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා තම ප‍්‍රසාදය පළ කර තිබෙනවා.
එමෙන්ම සුගම ලෙසින් බලය හුවමාරු වීම පිළිබදව ද ඔහු ප‍්‍රශංසා කළා. ඇමරිකානු ජනාධිපතිවරයා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ශ‍්‍රී ලංකාවේ මෙවර ජනාධිපතිවරණය ඒ සඳහා වූ වැදගත්කමින් ඔබ්බට යන්නක් බවයි.

කරුණානිධි නැවතත් ඞී.එම්.කේ. නායකයා වෙයි.

ඉන්දියාවේ තමිල්නාඩු ප‍්‍රාන්තය නියෝජනය කරන ඞී.එම්.කේ පක්ෂයේ නායකත්වයට මුත්තුවේල් කරුණානිධි අද යළි පත් කර ගෙන තිබෙනවා.

ප්‍රේමලාල් ජයසේකර අලුත්ගමදී අත්අඩංගුවට.

කහවත්තේදී පොදු අපේක්ෂකගේ ආධාරකරුවන්ට වෙඩිතබා එක අයෙක්ව ඝාතනය කිරීමේ සිද්දියට

Thursday, January 8, 2015

නව ජනපති, අගමැති අද දිවුරති



පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතා නව ජනාධිපති ලෙස ද, එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නව අගමැති ලෙස ද අද දිවුරුම් දීමට නියමිතය.

Wednesday, January 7, 2015

පොලිසිය වී.අයි.පී.වාහනත් පරීක්ෂා කරයි.

වී.අයි.පී නැතහොත් ප‍්‍රභූ ලාංඡන සහිතව මාර්ගවල ගමන් කරන වාහන දැඩි පරීක්ෂාවට ලක් කරන ලෙස පොලිස් මූලස්ථානය, සියලූ පොලිස් මාර්ග බාධක වෙත උපදෙස් ලබාදී තිබෙනවා.

කහවත්තේ වෙඩි තැබීමෙන් තුවාල ලබා සිටි අයෙකු මියයයි.

රත්නපුර - කහවත්ත ප‍්‍රදේශයේ දේශපාලන රැස්වීමකට අදාළ සැරසිලි කරමින් සිටියදී වෙඩි ප‍්‍රහාරයකට ලක්ව තුවාල ලබා රත්නපුර රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප‍්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා අද

හෙට පැවැත්වෙන ඡන්ද විමසීමට සියල්ල සූදානම්

මෙරට හත්වන ජනාධිපතිවරයා තෝරා ගැනීම සඳහා හෙට පැවැත්වෙන ඡන්ද විමසීමට සියල්ල සූදානම් බව මැතිවරණ කොමසාරිස් මහින්ද දේශපි‍්‍රය පවසනවා. හිරු ටී.වී. ඔස්සේ ඊයේ (06) විකාශය වූ ‘‘රට සහ හෙට ’’ වැඩසටහනට එක්වෙමින් මැතිවරණ කොමසාරිස්වරයා කියා සිටියේ ඡන්ද දූෂණයකට කිසිවිටෙකත් ඉඩ නොතබන බවයි.

Monday, January 5, 2015

නියෝජ්‍ය අමාත්‍ය පේ‍්‍රමලාල් අත්අඩංගුවට ගැනීමට නියෝග.

කහවත්තේ පොදු අපේක්ෂක රැස්වීමට සැරසිලි කරමින් සිටියදී අද (05)  අලූයම එල්ල වූ වෙඩි ප‍්‍රහාරය සම්බන්ධයෙන් එම සිද්ධියේ සැකකරුවන් වන නියෝජ්‍ය අමාත්‍ය පේ‍්‍රමලාල් ජයසේකර ඇතුළු තුන්දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය නියෝග කර තිබෙනවා.

ජනපතිවරණ ප්‍රතිඵල රාගිරියේ මැතිවරණ මහලේකම් කාර්යාලයේ සිට

2015 ජනපතිවරණ ප්‍රතිඵල රාගිරියේ මැතිවරණ මහලේකම් කාර්යාලයේ සිට ඔන්ලයින් දායකයන් 20 දෙනකුට නිකුත් කිරීමට සියල්ල දැන් සූදානම් කර ඇත. කොළඹ විශ්ව විද්‍යාලයයේ පරිගණක අධ්‍යයනායතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ගිහාන් වික්‍රමනායක මේ වැඩපිළිවෙල බාරව සිටී.
ලබන බදාදා (7) වන විට සියලුම පරිගණක ඇතුළු විද්‍යුත් උපකරණ එහි සවිකරණ බවත් එම සේවය මැතිවරණ මහලේකම් කාර්යාලයේ සිට ලබාදෙනුයේ ලියාපදිංචි වූ ඔන්ලයින් දායකයන් 20දෙනකුට බවත් මහචාර්යවරයා කියයි.
හැම ප්‍රතිඵලයක්ම මැතිවරණ කොමසාරිස් අස්සන යටතේ එසැණින් නිකුත් කරන බවද මහාචාර්යවරයා පවසයි

Saturday, January 3, 2015

වෙන්නප්පුවේ සිව්පුද්ගල ඝාතකයා මාඔයට පනී.


සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුරකරුගේ අතුරුදන්වීම පිළිබඳව වැඩි අවධානයක් යොමුකළා. ඒ අනුව හෙළි වූ තොරතුරු මත අතුරුදන් වූ මුරකරු ඊයේ පෙරවරුවේ අනුරාධපුර - ගල්කිරියාගම ප‍්‍රදේශයේ ඔහුගේ අනියම් බිරිඳගේ නිවසේ සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා.

පිරිමි කෙනෙකුට බරපතල ලිංගික අතවරයක් සිදු කරලා.

වයස අවුරුදු 50ක පිරිමි අයෙකුට බරපතල ලිංගික අපරාධයක් සිදු කළ බව කියන 35 හැවිරිදි අයෙකුව අත්අඩංගුවට ගෙන ඇති බව හලාවත පොලීසිය සඳහන් කරයි.

බස්නාහිර වාහන හිමියන්ට දැනුම්දීමක්.

ජනාධිපතිවරණ රාජකාරිය සඳහා නිලධාරීන් යෙදවීම හේතුවෙන් ජනවාරි 7,8 සහ 9 යන දිනවල ආදායම්

‘ගල් ගහද්දී පොලිසියත් හිටියා‘



පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පැල්මඩුල්ලේ ජන රැලියට ගල් ප්‍රහාර එල්ල වන අවස්ථාවේ පොලිසිය ද එම ස්ථානයේ සිටි බව ප්‍රදේශවාසීහු කියති.
“රත්නපුර දිස්ත්‍රික්කයේ මහජන රැළි රාශියකට අද මං සහභාගි වුණා.

Thursday, January 1, 2015

වර්ජින් ගුවන් නියමුවා මගීන් 400ක් බේරයි.


හදිසි ආපදා තත්ත්වයක් ඇතිවී ගොඩබැසුම් ගියරය කි‍්‍රයාවිරහිතව ගියද මනා නිපුණත්වයකින් යුතුව ගුවන්යානයේ පාලනය තමන් අතට ගෙන රෝද නොමැතිවම එය ගොඩබස්වා යානයේ සිටි මගීන් 400 දෙනා සුරක්ෂිත කිරීමට පසුගියදා ඇමරිකාවේ වර්ජින් ගැලැක්ටික් ගුවන්සේවයේ සේවය කරනා ගුවන්නියමුවෙක් සමත් විය.

53% මහින්දටද ? , මෛත්‍රීටද ?


මෙවර ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ ජනපතිවරයා 53%  ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගන්නා බව කැලණිය විශ්ව විද්‍යාලය මඟින් කළ සමීක්ෂණයක් අනාවරණය කරයි.

තවත් පිල් මාරුවක්. මෛත්‍රී පිලට 17ක්.

හිගුරක්ගොඩ ප‍්‍රාදේශීය සභාවේ සභාපති සුසන්ත ඥානරත්න ඇතුළු පොළොන්නරුව දිස්ත‍්‍රික්කයේ නිදහස් සන්ධාන පළාත් පාලන මන්ත‍්‍රීවරුන් 17 දෙනෙකු පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන වෙත සහය පළ කරන බව අද (01) ප‍්‍රකාශ කළා.

Bookmark Us

Twitter Delicious Facebook Digg Stumbleupon Favorites More

Search

sinhala download

add

Popular Posts

Recent Posts

Unordered List

Text Widget

Blog Archive

Looped Slider

Sample Text


Recent Post

Sample text

Total Pageviews

add

Pageviews

Featured Video

Ads 468x60px

Followers

Featured Posts

Video Of Day

Footer Widget 1

Footer Widget 3

Unordered List

Blogger Tricks

Sponsor

Famous Posts

Footer Widget 2

Translate

Social Icons

Gagdet

info

Search This Blog

Featured Video

Powered by Blogger.

Follow by Email

Copyright © අලුත්ම කටකථා