කොන්ඩයා කථාකරයි

මට කොණ්ඩයා කීවේ මාධ්‍යයි - පාපොච්චාරණය කළේ නෑ - ගුටිකන්න බැරි නිසා අත්සන් කළා - කොණ්ඩයා මාධ්‍ය හමුවක් තියයි

තමා සේයා දැරිය ඝාතනයේ වගකීම බාරගනිමින් පාපොච්චාරණයක් නොකළ බවත්, සිදුවූයේ පොලීසිය විසින් කළ පහරදීම් දිගින් දිගටම ඉවසිය නොහැකි නිසා ඔවුන් විසින් ලියාදුන් ලියවිල්ලකට අත්සන් කිරීම පමණක් බව කොණ්ඩයා හෙවත් දුනේශ් ප්‍රියශාන්ත පවසයි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් පොහොර උරයක් වැනි යමක් හිසට දමා ජීප් රථයට දමා ගෙන ගිය බවත්, පහරදුන් බවත් එහිදී බිත්තියේ වැද්දවීමෙන් හිස පවා තුවාල වූ බවත් ඔහු සඳහන් කළේය.


"කොණ්ඩයා"යනුවෙන්ද තමාට කිසිවෙකුත් ආමන්ත්‍රණය නොකළ බවත්, යාළුවන් 'දුනේශ්'ලෙසත්, ඇතැම් අය ‍'පොඩී' ලෙසත් තමාට ආමන්ත්‍රණය කළ බවත්, 'කොණ්ඩයා'යන නම මුළුමනින්ම මාධ්‍ය මගින් නිර්මාණය කරන ලද්දක් බවත් ඔහු කියා සිටියේ අද(23) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.

තමා සැඟවී නොසිටි නමුත් පොලීසිය බියෙන් මග හැර සිටියේ සුළු වැරදි කිහිපයක් (3)සම්බන්ධයෙන් වරෙන්තු ලබා සිටි බැවින් බව ඔහු අවධාරණය කළේය.

මෙම මාධ්‍ය හමුවට එක්වුණු නීතිඥ උදුල් ප්‍රේමරත්න කියා සිටියේ ගම්පහ අධිකරණයේ පැවතියේ නිවසකට අයුතු ඇතුළුවීම, අයුතු ඇතුළුවී පහරදීම යන චෝදනාවන්ට වරෙන්තු හා අත්තනගල්ල අධිකරණයේ පැවතියේ සොරකමක් සම්බන්ධ නඩුවක් පමණක් බවයි.

බාලඅපචාර හෝ වෙනයම් බරපතළ සිදුවීම් සම්බන්ධයෙන් මොහු‍ට එරෙහිව නඩු හෝ වරෙන්තු කිසිවක් නොමැති බව තමා ඉතාමත් වගකීමෙන් යුතුව කියන බව උදුල් ප්‍රේමරත්න වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේ වෙතත් එදා සිදුවීම වූ දිනයේ තමාත්,අයියාත්,මස්සිනාත් නිවසේ මත්පැන් පානය කොට රාත්‍රී ආහාරය ගෙන නිදාගත් බවත්, රාත්‍රී10.30 ට හෝ 11.30ට පමණ අයියා තමාගේ ඇඟටද උඩින් පැන කොහේදෝ යන්න ගිය බවත්, ඔහු කොහේ ගියේදැයි කුමකට ගියේදැයි තමන් නොදන්නා බවත් දුනේශ් ප්‍රියශාන්ත මෙහිදී පෙන්වා දුන්නේය.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්