තරුණියන් දෙදෙනෙකුට පිහියෙන් කෙටූ සුද්දාට පොලීසියෙන් වෙඩි

කොළඹ - හැව්ලොක් ටවුන් හි පිහිටි අවන්හලකදී තරුණියන් දෙදෙනෙකුට පිහියකින් පහරදී තුවාල සිදුකළ විදේශිකයෙකු පාලනය කිරීමට පොලීසිය ඔහුට වෙඩි තබා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ වෙඩි වැදීමෙන් තුවාල ලැබූ විදේශිකයා සහ පිහියෙන් සිදුකළ පහරදීම නිසා තුවාල ලැබූ තරුණියන් දෙදෙනා මේ වනවිට කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන බවයි.


තරුණියන් දෙදෙනාගෙන්  අයෙකුගේ තත්ත්වය බරපතල බවද කොළඹ ජාතික රෝහලේ ප්‍රකාශිකාවක සඳහන් කළා.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ 41 හැවිරිදි ලෙබනන් ජාතිකයා මේ වනවිට ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිනවා.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්