පිටසක්වල වස්තුවක් සොයාගනී



කාලගුණ තොරතුරු ලබාගැනීම සදහා උඩුගුවනට යැවුණු බැලූනයක ඇලී තිබී පිටසක්වලින් පැමිණ ඇතැයි සැක කළ හැකි ලෝහ ගෝලයක් සොයාගැනීමට හැකිවූ බව බි‍්‍රතාන්‍යයේ ෂෙෆීල්ඩ් හා බකිංහැම් විශ්වවිද්‍යාල විද්‍යාඥයෙක් කියයි.
නමින් මිල්ටන් වයින්ව‍්‍රයිට් වන ඔහු විශ්වාස කරන ආකාරයට මෙම ගෝලය පෘථිවි වායුගෝලයට ඇතුළුවීම වෙනත් ආකාරයකට පැහැදිලි කළ නොහැකිය.වායුගෝලයේ විසිර පවතින කුඩා අංශූ එකතු කර ගැනීම සදහා බැලූනයේ සවිකර තිබූ අනාවරකයේ මෙම ගෝලය ගැටී ඇති බවට සලකුණු තිබෙන බවත් එසේ ගැටෙන්නට නම් ගෝලය අධික වේගයකින් පැමිණිය යුතු බවත් ඔහු කියයි.
පෘථිවි ගුරුත්වයට හසුවී පෘථිවියේ වායුගෝලය හරහා පැමිණුනොත් මිස එවන් වේගයක් මෙම ගෝලයට අත්පත් කර ගැනීමේ කිසිදු හැකියාවක් නැතැයි ඔහුගේ තර්කයයි.
ගෝලය එක්ස් රේ කිරණ පරීක්ෂාවකටද භාජනය කර තිබේ.එය සැදී තිබෙන්නේ ටයිටේනියම් හා වැනේඩියම් ලෝහ මිශ‍්‍රණයකින් යැයි සොයාගෙන ඇත.

ගෝලයේ විශේෂත්වය එය පිටසක්වල සිට පැමිණ ඇතැයි සඳහන්වීම පමණක් නොවේ.එහි කිසියම් ජීවී විශේෂයකට අයත් යැයි සැකකෙරෙන ජෛවීය කොටස්ද තැවරී තිබෙන බව පැවසේ.
මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ කටයුතු සිදුවෙන අතර ඒ පිළිඹද වැඩි යමත් මේ දක්වා අනාවරණයව නොමැත.
ආචාර්ය මිල්ටන් පවසන ආකාරයට මෙය පිටසක්වල සිටි පෘථිවියට ජීවය පැමිණ ඇත්තේ පිටසක්වල සිට යැයි ඉදිරිපත්ව තිබෙන මතය සනාථ කරන්නකි.
පැන්සිපර්මියා නම් වන මෙම මතයෙන් පෘථිවියට ජීවය පැමිණ ඇත්තේ පිටසක්වල සිට බව විශ්වාස කෙරේ.
බකිංහැම්ෂර් විශ්වවිද්‍යාලයේ සේවය කරන ශී‍්‍ර ලංකා ජාතික මහාචාර්ය චන්ද්‍රා වික‍්‍රමසිංහද මෙම මතය පිළිගන්නෙකි.පිටසක්වල සිට පැමිණ ඇතැයි කියන මේ ලෝහ බෝලය ගැන තමන්ද මේ දිනවල අවධානයෙන් සිටින බව ඔහු කියයි.
ගෝලය ගැන තවත් පර්යේෂණ සිදුවිය යුතු වුවත් පෘථිවියට ජීවය පැමිණ ඇත්තේ පිටසක්වල සිට යැයි තහවුරු කෙරෙන සාක්ෂි දැනට පමණටත් වඩා ලැබී තිබෙන බව ඔහුගේ අදහසයි.
පසුගිය සමයේ ශී‍්‍රලංකාවට කඩාවැටුණු උල්කාෂ්ම කොටසක තිබී ක්ෂුද්‍ර ජීවී පොසිලයන් සොයාගත හැකිවූ බව පවසා සිටියේද මහාචාර්ය වික‍්‍රමසිහයන්ය.
කෙසේ වුවත් පැන්සිපර්මියා සංසිද්ධියට විද්‍යාලොව අනෙක් විද්‍යාඥයින් අතර වැඩි පිළිගැනීමක් නැත.පෘථිවි වායුගෝලයේ කර්කෂ තත්ත්වයන් යටතේ ජීවත්වන බැක්ටීරියා හා ක්ෂුද්‍ර ජීවීන් සිටින බවත් එනිසා පෘථිවියට වැටෙන ආකාශ වස්තූන් වල එම ජීවීන් තැන්පත්වීමේ සම්භාවිතාවක් ඇති හෙයින් ඇතැම් විද්‍යාඥයින් අවසානයේ වැරදි නිගමන වලට එළැඹෙන බවත් ඔවුන් කියයි.
මෙම ගෝලය සම්බන්ධයෙන්ද පැහැදිලි කිරීමක් සිදුකර තිබෙන ඔවුන් පවසන්නේ මෙය පෘථිවියේ සිටම ඉහළ වායුගෝලයට එක්වූවාක් ලෙස සැළකීමේ හැකියාවක්ද තිබෙන බවයි.
ඉදිරි පරීක්ෂණ කටයුතු වලින් වැඩිදුර තොරතුරු හෙළිවූ පසු කවුරුන් නිවැරදිදැයි කවුරුන් වැරදිදැයි දැනගැනීමට හැකිවනු ඇත.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්