වෙන්නප්පුවේ සිව්පුද්ගල ඝාතකයා මාඔයට පනී.


සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මුරකරුගේ අතුරුදන්වීම පිළිබඳව වැඩි අවධානයක් යොමුකළා. ඒ අනුව හෙළි වූ තොරතුරු මත අතුරුදන් වූ මුරකරු ඊයේ පෙරවරුවේ අනුරාධපුර - ගල්කිරියාගම ප‍්‍රදේශයේ ඔහුගේ අනියම් බිරිඳගේ නිවසේ සිටියදී අත්අඩංගුවට ගනු ලැබුවා.
අත්අඩංගුවට ගැනීමෙන් පසු සැකකරු අනාවරණය කළේ තමන් වෛද්‍යවරියගේ සැමියා සමඟ වැටුප සම්බන්ධයෙන් ඇතිකරගත් ආරවුලක් මත මෙම ඝාතන සිදුකළ බවටයි. එමෙන්ම, තමන්ගේ අනියම් බිරිඳද ඝාතනවලට සහයෝගය දැක්වූ බව සැකකරු අනාවරණය කළා. ඒ අනුව අනියම් බිරිඳ බව කියන කාන්තාවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත්තා.

මෙම සැකකරු සිය පාපොච්චාරණය මගින් තවදුරටත් අනාවරණය කළේ වෛද්‍යවරිය, ඇයගේ සැමියා සහ දරු දෙදෙනා පොරවකින් පහරදී ඝාතනය කළ බවයි. ඝාතනයට යොදාගත් පොරව වෙන්නප්පුව - තෝප්පුව ප‍්‍රදේශයෙන් මාඔයට දැමූ බවද ඔහු අනාවරණය කළා. සැකකරුගේ අනාවරණයට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඔහු රැගෙන තෝප්පුව ප‍්‍රදේශයට පිටත්ව ගොස් තිබෙනවා. එහිදී සැකකරු පොලිස් නිලධාරීන්ටද පහරදී මාඔයට පැන ඇති අතර, ඔහු දියේ ගිලී හෝ වෙනයම් හේතුවක් මත ජීවිතක්ෂයට පත්වී ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ සඳහන් කළා.

මෙම සිද්ධියේදී තුවාල ලැබූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් තුන් දෙනෙකු ප‍්‍රතිකාර සඳහා මාරවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා.




Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්