වෙළේ සුදා ලංකාවට


සමන්ත කුමාර නොහොත් වෙළේ සුදා පාකිස්තානයේදී අත් අඩංගුවට ගෙන කොළඹට ගෙන ආ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කියයි.
හෙරොයින් මත් කුඩු ජාවාරම් සම්බන්ධයෙන් ඔහු පොලිසියට අවශ්‍යව සිටි බවද පොලිසිය පවසයි.
සමන්ත කුමාර විතානගේ නොහොත් වෙළේ සුදා රත්මලානේ මඩෝවිට පදිංචි කරුවකි. මුලින්ම කසිප්පු විකිණූ බව කියන ඔහු හෙරොයින් මත්කුඩු විකිණීමෙන් දෙවසරකදී රුපියල් 18 කෝටියකට ආසන්න වත්කම් හිමිකරගෙන සිටිතියි පොලිසිය අනුමාන කරයි.

ගිය වසරේ බිරිය සමග ඔහු පාකිස්තානයට යන්නට ඇතැයි පොලිසිය සැකකරයි. බිරිය ගයනි ප්‍රියදර්ශනී (32) හෙවත් සුජී යළි ශ්‍රී ලංකාවට පැමිණි බවත් අත් අඩංගුවට ගත් බවත් රහස් පොලිසිය කියයි.
ඇය අත් අඩංගුවට ගැනීමත් සමග ඔහු ගැන තොරතුරු හෙළි කරගත් බවත් ඔහු ඉන්දියාව සිංගප්පූරුව හා ඩුබායිහි කුඩු ජාවාරම් සමග ගනුදෙනු කරන බවත් පෙනේ යැයි පොලිසිය පවසයි. වෙළේ සුදාගේ කුඩු ජාලයට සෑහෙන පිරිසක් සම්බන්ධ බවත් ඔහුට රුපියල් කෝටි 4 1/2 ක් වටිනා සුඛෝපබෝගී මහල් නිවාසයක් කොළඹ බගතලේ පාරෙන් රුපියල් හාර කෝටියක් වටිනා නිවාස දෙකක්, රුපියල් කෝටියක් වටිනා නිවාස 2ක් පන්නිපිටිය හා මාදිවල ඇති බවත් පොලිසිය පවසයි. රුපියල් 1,600000 ක් වටිනා පර්චස් 16 ක ඉඩමක් දෙහිවලද රුපියල් 1, 40,00000 ක් වටිනා නිවසක් නැදිමාලේද ඔහුට ඇති බවත් ඔහු සුඛෝපබෝගී වාහන තුනක හිමිකරුවකු බවත් පොලිසිය පවසයි.





Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්