ජනපති මෛත්‍රීපාල මැතිඳුන්ගේ දිවියෙන් බිඳක්..

ජනාධිපති ධුරයට පත්වූ මෛත‍්‍රීපාල සිරිසේන 1951 සැප්තැම්බර් 2 වන දින පොළොන්නරුව - පුලතිසිපුර - ලක්උයන ගොවිජනපදයේ උපත ලැබූ අතර සහෝදර සහෝදරියන් 12 දෙනෙකුගෙන් යුත් පවුලේ වැඩිමලායි. ඔහු පොළොන්නරුව තෝපාවැව විද්‍යාලයෙන් සහ පොළොන්නරුව රාජකීය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබුවා. නව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේනගේ පියා දෙවන ලෝක යුද සමයේ හමුදා නිළධාරියෙකු වූ අතර මව ගුරු මාතාවක්. මුලින්ම ග‍්‍රාම නිලධාරියෙකු ලෙස රැකියාව ඇරඹූ නව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන 1967 වසරේදී දේශපාලනයට පිවිසෙන්නේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ දේශපාලන ලීගයට එක්වෙමින්. 1982 වසරේ පොළොන්නරුව ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායක ධුරයට පත්වූ මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා 1989වසරේදී පාර්ලිමේන්තුවට තේරී පත්වුණා. 1994 පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩුවේ වාරිමාර්ග නියෝජ්‍ය ඇමති ධුරය දැරූ ඔහු 1997 වසරේදී මහවැලි අමාත්‍යවරයා ලෙස පත්වනු ලැබුවා. එක්සත් ජනතා නිදහස් සන්ධාන  රජයේ කෘෂිකර්ම, මහවැලි සංවර්ධන සහ සෞඛ්‍ය අමාත්‍ය ධුරයන් හෙඹවීමෙන් අනතුරුවයි ඔහු පොදු අපේක්ෂකයා ලෙස ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ.




උපුටාගැනීම hiruniws.lk

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්