මගෙන් පසු ලාමා පරපුර අවසන්. - දලයි ලාමාතුමන්.

තමාගෙන් පසු දලයි ලාමා පරපුර අවසන් වනු  ඇතැයි ටිබෙටයේ අධ්‍යාත්මික නායක දලයිලාමා පවසනවා. බී.බී.සී. ප‍්‍රවෘත්ති සේවය සමග සම්මුඛ සාකච්ඡුාවකට එක්වෙමින් එතුමන් කියා සිටියේ තමාගේ මරණින් පසු සියවස්
ගණනාවක් පැවති දලයි ලාමාවරයෙකු පත්කරගැනීමේ සම්ප‍්‍රදායද අවසන් වනු ඇති බවයි. ටිබෙටය චීනයේ පාලනයට යටත්වීමෙන් පසු දලයි ලාමාතුමන් 1959 වසරේ සිටම පිටුවහල්ව ජීවත්වනවා. දලයි ලාමා තත්ත්වයට පත්වන දෙවැන්නා ලෙස පශ්චාත් ලාමාවරයෙකු වත්මන් දලයි ලාමා තුමන් 1995 වසරේදී නම් කළා. එලෙස පශ්චාත් ලාමාවරයෙකු ලෙස නම් කෙරෙන්නේ කුඩා පිරිමි දරුවෙක්. එහෙත් දලයි ලාමාතුමාගේ තේරීම ප‍්‍රතික්ෂේප කළ චීනය ප‍්‍රකාශ කළේ තමන් ටිබෙටයට දලයි ලාමාවරයෙකු පත් කරන බවයි. දලයි ලාමාතුමන් තෝරාගත් පශ්චාත් ලාමාවරයාට සිදුවූයේ කුමක්ද යන්න ඉන්පසු අසන්නට ලැබුණේ නැහැ.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්