පොදු අපේක්ෂකයාගේ පොරොන්දුවක් ඇමති ඩලස් හෙළි කරයි.

ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටින ප‍්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාගේ පාර්ශවයන් සංවිධාන කරන ජනහමු නිසා ජනාධිපතිවරණ වේදිකාවද උණුසුම් වී තිබෙනවා. කොළඹ ඊයේ පැවති උත්සවයකට එක්වෙමින් අමාත්‍ය ඩලස් අලහප්පෙරුම ප‍්‍රකාශ කළේ රටින් බැහැරව සිටින බෙදුම්වාදීන්ට ජනාධිපතිවරණයේදී ඡුන්දය ප‍්‍රකාශ කිරීමේ අයිතිය ලබාදීමට පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේන එකඟ වී ඇති බවයි.


අනුරාධපුර - තලාවේ ඊයේ පැවති ජනහමුවකදී හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක කියා සිටියේ රජරටින් ජනාධිපතිවරයා බිහි කරන අවස්ථාවේදී අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ හංසයා ලකුණ වැඩි ඡුන්ද ලක්ෂයකින් ජයග‍්‍රහණය කරන බවයි.

ජාතික හෙළ උරුමයේ සභාපති, පූජ්‍ය අතුරලියේ රතන හිමියන් මිනුවන්ගොඩ ප‍්‍රදේශයේ පැවති පොදු අපේක්ෂක මෛතී‍්‍රපාල සිරිසේනගේ ජනහමුවකට එක්වෙමින්  කියා සිටියේ රට අස්ථාවර නොකරන ලෙසට රජයේ ඇතැම් මැති ඇමතිවරු ප‍්‍රකාශ කළද රටේ ස්ථාවර භාවයක් තවමත් නොමැති බවයි.

මාලඹේ ප‍්‍රදේශයේ ඊයේ පැවති ජනහමුවකදී අමාත්‍ය විමල් වීරවංශ කියා සිටියේ අවුල් හවුලකට සම්බන්ධ වුවහොත් ලැබිච්ච දේද නොලැබී යනු ඇති බවයි.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්