යුද්ධයෙන් සදාචාරයටත් බලපෑමක් වුණා - ආරක්ෂක ලේකම්.

යුද්ධයෙන් විනාශයට පත්වූයේ ජීවිත සහ දේපළ පමණක් නොව මෙරට සදාචාරයටද බලපෑමක් එල්ල වූ බව ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ප‍්‍රකාශ කළා. හොරණ - පොකුණුවිට - කිත්සිරිමෙවන් රජමහා විහාරස්ථානයේ 80 වන දහම් පාසල් සංවත්සරය සහ ත්‍යාග ප‍්‍රදානෝත්සවයට ඊයේ (13) එක්වෙමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළා.
මිනිසුන් අතට අවි ආයුධ පැමිණීම හරහා පාතාලයක් ගොඩනැගීමටද යුද්ධය ඉවහල් වූ බවයි ආරක්ෂක ලේකම්වරයා ප‍්‍රකාශ කළේ. මේ අතර, රාජ්‍ය ආරක්ෂක සහ නාගරික සංවර්ධන අමාත්‍යාංශය යටතේ කොළඹ ඇතුළු නගර අලංකරණ කටයුතු පිළිබඳවද ආරක්ෂක ලේකම්වරයා මෙහිදී අදහස් පළ කළා. නගර අලංකරණ කටයුතු සිදුකරන්නේ ඇමරිකාවේ ආදර්ශ ලබාගෙනද යන්න බොහෝ දෙනෙක් තමන්ගෙන් විමසන බවද ආරක්ෂක ලේකම්වරයා මෙහිදී සඳහන් කළා. එම ආදර්ශ ලබා ගන්නේ තමන් උපන් ගමෙන් බවයි ඔහු අවධාරණය කළේ.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්