ලොව දිනන මඟ - ජනපති ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයෙන් අලූත් ව්‍යවස්ථාවක්.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ තුන්වන ජනාධිපතිවරණ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය අද (23) එළිදක්වනු ලැබුවා. කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේදී එළිදැක්වුණු එය නම් කර ඇත්තේ මහින්ද චින්තන - ලොව දිනන මඟ යනුවෙන්. මුලින්ම ආගමික නායකයින් වෙත ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය පිළිගැන්වූ ජනාධිපතිවරයා අනතුරුව තමන්ට සහාය දෙන අනෙකුත් දේශපාලන පක්ෂවල නායකයින් සහ නියෝජිතයන් වෙත එය ලබාදුන්නා.


මහින්ද චින්තන - ලොව දිනන මඟ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශය කොටස් 20කින් සමන්විතයි. පුළුල් දේශපාලන ප‍්‍රතිසංස්කරණයක්, ජාතික ආරක්ෂාව පිළිබද ගෝලීය ආදර්ශයක් සහ සදාචාර සම්පන්න සමාජයක් යන පරිච්ෙඡ්ද ද ඊට ඇතුළත්. සියලූ පක්ෂවලින් සමන්විත සමස්ත පාර්ලිමේන්තුවම ව්‍යවස්ථා සම්පාදිත මණ්ඩලයක් ලෙස සැකසී අලූත් ව්‍යවස්ථාවක් නිර්මාණය කිරීමට ද අපේක්ෂිතයි. ඒ සදහා පුරවැසි උපදේශක සභාවක් ද පත් කෙරෙනු ඇති. විධායක ජනාධිපති ක‍්‍රමය, මැතිවරණ ක‍්‍රමය, නීතියේ ආධිපත්‍ය මෙන්ම යහපාලනය ද නව ව්‍යවස්ථාවෙන් ආවරණය වන බවයි ලොව දිනන මඟ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ සදහන් වන්නේ.

පාතාලයට සහ මත්කුඩු උවදුර සදහටම නැවැත්වීම සදහා විවිධ කි‍්‍රයාමාර්ග අනුගමනය කරන බව එහි දැක්වෙනවා. මහා පරිමාණ අපරාධ සහ මත්ද්‍රව්‍ය උවදුර වැළැක්වීමට යුද හමුදාවේ සහායෙන් විශේෂ ආරක්ෂක බල ඇණියක් ස්ථාපිත කෙරෙනවා. ළමා හා කාන්තා හිංසනය වැළැක්වීමට නීති සංශෝධනය කර ඒවා දැඩි කිරීම ද තවත් යෝජනාවක්.

පෞද්ගලික අංශයට ශක්තිමත් රක්ෂණ ක‍්‍රමයක් හදුන්වාදීමට නියමිතයි. රාජ්‍ය සේවකයන්ට තමන්ගේ නිවසක අයිතිය සහතික කෙරෙනවා. එමෙන්ම නව සේවා ආචාරධර්ම පද්ධතියක් ද හදුන්වා දෙනු ඇති. ඉදිරි වසර 5 තුළ තරුණයින්ට රැකියා ලක්ෂ 5ක් ලබාදෙන බවට ද මහින්ද චින්තන - ලොව දිනන මඟ ප‍්‍රතිපත්ති ප‍්‍රකාශයේ ඇතුළත්. 2018 වසර වන විට කොළඹ සිට කතරගම දක්වා ප‍්‍රථම වායු සමනය කළ විදුලි දුම්රිය සේවාවක් ද ආරම්භ කරන බව එහි දක්වා තිබෙනවා.

දේශපාලන ඉතිහාසයේ මැතිවරණ පොරොන්දු යනු දින කිහිපයකින් අමතක කර දමන ලියවිල්ලක් බවට පත්ව ඇති බව ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප‍්‍රකාශ කළා.

ඉදිරි ජනාධිපතිවරණයේදී ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ජයග‍්‍රහණය ස්ථීර බවයි අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන කියා සිටියේ.





Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්