ලංකා ක්‍රිකට් කණ්ඩායමට ප්‍රහාරයක් එල්ල කල මහා මොළකරු එල්ල මරායි.
2009 වසරේ පකිස්තානයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම ගමන් ගත් බස් රථයට එල්ල කළ ත්‍රස්තවාදී ප්‍රහාරයේ මහා මොළකරු එල්ල මරා දමා තිබේ.
ඒසේ එල්ලා මරා දැමීමට හේතුව වන්නේ තලෙයිබාන් කැරලිකරුවන් විසින් ප්‍රෙෂාවර් ප්‍රදේශයේ පාසලක සිසුන් ඇතුළු පුද්ගලයින් 148 දෙනෙකු ඝාතනය කිරිමේ සිද්ධියෙන් අනතුරුව පකිස්ථාන රජය විසින් ත්‍රස්තවාදින්ට එරෙහිව මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරිමට තීරණය කිරීමයි.
ඒ අනුව ත්‍රස්ත ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් වරදකරුවන්ව සිටි පුද්ගලයින් දෙදෙනෙකු ඊයේ රාත්‍රී එල්ලා මරා දමා තිබේ.
ඉන් එක් අයෙකු ශ්‍රි ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලාහූර් නුවර දි එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සැලසුම් කළ පුද්ගලයා බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
අකීල් අහමඩ් හෙවත් ඩොක්ටර් උස්මාන් සහ අර්ෂාඩ් මෙහෙමුද් හෙවත් මෙහර්බාන්ට මෙලෙස මරණ දඬුවම හිමිව තිබෙන අතර මොවුන්ගෙන් අකීල් අහමඩ් ලාහූර් ප්‍රහාරයේ ප්‍රධාන සැකකරුවෙකු බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
තවද හිටපු අග්‍රාමාත්‍ය පර්වේස් මුෂාරෆ් ඝාතනය කිරිමට සැලසුම් කළ බවට මොහුට විරුද්ධව ප්‍රථම වරට ත්‍රස්ත චෝදනා එල්ල වි තිබුණි.