ශ්‍රී ලංකාවේ සුන්දරත්වය ලොව සමඟ බෙදාගැනීමට ගුගල් සමාගම සුදානම්

ශ්‍රී ලංකා රජයේ සහයෝගය ඇතිව තම Street Views වැඩසටහන සඳහා මෙරට මහාමාර්ග වල සිට ඡායාරූප ගැනීම ඊයේ (11) දින ආරම්භ කර බව ගූගල් සමාගම නිවේදනය කලේය. මේ තම රටේ සුන්දරත්වය මුලු ලෝකය සමඟ බෙදාගැනීමට ශ්‍රී ලංකිකයින්ට ලැබෙන අලුත්ම මගකි.

මේ වන විට රටවල් 63ක් ආවරණය කර ඇති Google Street Views  වැඩසටහන ගූගල් සිතියම් වල ඉතාමත් ජනප්‍රිය අංගයකි. ඒ ඔස්සේ අන්තර්ජාලය හරහා කිසියම් ස්ථානයක මාර්ගයේ සිට හාත්පස පැතිරුණු දර්ශනයක් දැක බලාගැනීමේ අවස්ථාවක් උදාවේ.

වැඩසටහන මඟින් ආවරණය කරඇති රටවල් වල ගූගල් සිතියම් Zoom in කිරීමෙන් හෝ සිතියමේ දකුණු පස කෙලවරේ ඇති තැඹිලි පැහැ Pegman සංකේතය සිතියම මතට Drag කර නිල් පැහැයෙන් ලකුණු වන මාවත් පරීක්ෂා කිරීමෙන් Street Views ඡායාරූපය දැකබලාගත හැක.

අද පටන් විශේෂ කැමරා සවිකල ගූගල් කාර් රථ මගින් දිවයිනේ විවිධ මාර්ග වල අංශක 360 ඡායාරූප ගැනීමේ සිදුකෙරේ. යාපනය, මාතර හා ආරුගම්බේ යන ප්‍රදේශවලින්  ආරම්භ වන මෙය දිගු කාලීන ආයෝජනයක මුල් පියවර වන අතර Street Views වැඩසටහන යටතේ ඉදිරි වසර කීපය තුල සමස්ථ දිවයිනේම ඡායාරූප ගැනීමට කටයුතු කෙරෙණු ඇත.

මේ වන විට ගූගල් සමාගම ශ්‍රී ලංකාවේ පවත්වන හඳුන්වාදීමේ විශේෂ වැඩසටහනේ ඡායාරූප පහතින්...










=====================================================================================







Share/Bookmark



| යාලුවන්ටත් පෙන්න share >>>>>> කරන්න |




Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්