මෛත‍්‍රී ආණ්ඩුවෙන් ඉවත්වූ හේතුව හෙළිවෙයි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ හිටපු මහලේකම් අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන තනතුරු හැර දා විපක්ෂයේ පොදු අපේක්ෂකයා බවට පත් වීමට හේතු වූ කරුණු හිටපු අමාත්‍යවරයාගේ ඥාතීන් විසින් අද (24) හෙළි කරනු ලැබුවා. ඒ, පොළොන්නරුව ප‍්‍රදේශයේ අද පස්වරුවේ පැවැති රැස්වීමක් අතරතුරදියි. මෙම අවස්ථාවට හිටපු අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේනගේ සොහොයුරෙකු වන ඩඩ්ලි සිරිසේන සහ හිටපු අමාත්‍යවරයාගේ දියණියක ද සහභාගි වී සිටියා. මීට අමතරව එම අවස්ථාවට උතුරුමැද පළාත් කර්මාන්ත අමාත්‍ය පේශල ජයරත්න සහ තමන්කඩුව ප‍්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ද එක්ව සිටියා. එහිදී හිටපු අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේනගේ සොහොයුරෙකු වන ඩඞ්ලි සිරිසේන කියා සිටියේ තම සොහොයුරා ආණ්ඩුවෙන් ඉවත් වුණේ අගමැති ධුරය නොලැබීම නිසා නොව තම පක්ෂයටත් රටටත් වන විපත දැක ඊට එරෙහිවීම සදහා බවයි.

මේ අතර, ඉදිරි ජනාධිපතිවරණයේදී පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට සූදානම් වන හිටපු අමාත්‍ය මෛති‍්‍රපාල සිරිසේන අද අනුරාධපුර පූජා නගරයට පැමිණ ආශිර්වාද ලබා ගත්තා. මෙම අවස්ථාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වූ හිටපු නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.එ්.ඩ්.එස්. ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ති‍්‍ර දුමින්ද දිසානායක මෙන්ම විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ති‍්‍රවරුන් කිහිපදෙනෙකු ද පැමිණ සිටි බවයි  අනුරාධපුර හිරු ප‍්‍රාදේශීය වාර්තාකරු කියා සිටියේ. ජයශ‍්‍රි මහ බෝ සමිදුන් වැද පුදා ගත් මෛති‍්‍රපාල සිරිසේන අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම සිරි නිවාස හිමියන් බැහැදැක උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගත්තා. පසුව  රුවන්වැලි මහසෑය වැද පුදා ගත් ඔහු රුවන්වැලි චෛත්‍යාරාමාධිපති පල්ලේගම හේමරතන හිමියන් බැහැදැක උන්වහන්සේගේ ආශිර්වාද ලබා ගත් බවයි එම ස්ථානයේ සිටින හිරු ප‍්‍රාදේශීය වාර්තා කරු කියා සිටියේ.

මේ අතර, විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස නම් කෙරුණු හිටපු අමාත්‍ය මෛත‍්‍රීපාල සිරිසේන අද පෙරවරුවේ දළදා සමිදුන් වැද පුදා ගත්තා. එහිදී ඔහු අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය උඩුගම ශ‍්‍රී බුද්ධ රක්ඛිත මහානාහිමියන් සහ මල්වතු පාර්ශවයේ අනුනායක පූජ්‍ය නියංගොඩ විජිතසිරි හිමියන් බැහැ දැක ආශිර්වාද ලබා ගත්තා.




<script type="text/javascript">
google_ad_client = "ca-pub-8746630719831046";
google_ad_host = "pub-1556223355139109";
google_ad_slot = "2373597704";
google_ad_width = 300;
google_ad_height = 250;
</script>
<!-- aluth katha -->
<script type="text/javascript"
src="//pagead2.googlesyndication.com/pagead/show_ads.js">
</script>




Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්