මෛත්‍රී මෙහෙයුමට චන්ද්‍රිකා තාක්ෂනය.



එක්සත් ජනතා නිදහස් සන්ධාන රජයේ සෞඛ්‍ය ඇමැතිවරයා වූ මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරි ජනාධිපතිවරණයේ ‍පොදු අපේක්ෂකයා වශයෙන් පත්කර ගැනීමේ ක්‍රියාන්විතයේ තොරතුරු රහසිගතව තබාගැනීම සඳහා බටහිර තානාපති කාර්යාලයක අනුග්‍රහයෙන් සැපයුණු චන්ද්‍රිකා දුරකථන ගණනාවක් භාවිත කර තිඛෙන බව මේ වන විට අනාවරණය වී තිබේ.

අදාළ තානාපති කාර්යාලය මෙම සියලු සම්බන්ධීකරණ කටයුතු සිදුකර ඇත්තේ හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය මගින් වන අතර මෙරට රාජ්‍ය පාලනයේ වෙනසක් ඇති කිරීම අරමුණු කරගෙන මෙම ක්‍රියාන්විතය දියත්කර ඇති බව ද එම අරංචි මාර්ග රිවිර පුවත්පතට අනාවරණය කළේය.

මෙහි අනෙකුත් සම්බන්ධීකරණ කටයුතු මෙහෙයවීම ධීවර අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ මූලිකත්වයෙන් සිදුවුණු බව ද පවසන එම ආරංචි මාර්ග එම කාර්යයේ ගමන්බිමන් සඳහා වාහන අංක වෙනස් කරමින් සුබෝපභෝගී ජීප් රථයක් හා මෝටර් රථයක් භාවිතයට ගෙන තිඛෙන බව ද තවදුරටත් සඳහන් කළේය.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්