ඇමති මවින්ට උසාවිය ඉදිරිපිට තර්ජනයක්.

මාලක සිල්වාගේ නඩුව සඳහා පැමිණි අමාත්‍ය මර්වින් සිල්වා වෙත එක්තරා පුද්ගලයෙකු විරෝධය පළ කිරීම නිසා කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් අධිකරණය ඉදිරිපිට අද (25) පෙරවරුවේ යම් උණුසුම් තත්ත්වයක් ඇති වුණා.



කොළඹ රාත‍්‍රී සමාජ ශාලාවකදී විදේශීය යුවළකට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන නඩුවේ හඳුනා ගැනීමේ පෙරට්ටුව අද පෙරවරුවේ පැවැත්වීමට නියමිතව තිබුණා. එහෙත් අතිරේක මහේස්ත‍්‍රාත් මොහොමඞ් සහබ්දීන් නඩුව පස්වරු 1 දක්වා කල් දැමුවේ සාක්ෂිකරුවන් පැමිණ නොසිටීම නිසයි.

පසුව අධිකරණයෙන් එළියට පැමිණි අමාත්‍ය මර්වින් සිල්වාගෙන් මාධ්‍යවේදීන් ප‍්‍රශ්න කළේ ඔහු ආණ්ඩුවෙන් ඉවත් වන බවට පැතිර යන ආරංචි පිළිබදවයි. තමන් ආණ්ඩුවෙන් ඉවත් නොවන බවත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ගන්නා තීරණ සමඟ තමන් සිටින බවත් ඔහු එහිදී කියා සිටියා. 

උසාවිය ඉදිරිපිට පාරේ සිටියදී පැජරෝ රියක් පාර මැද නතර කැරිණි. එම අවස්ථාවේ අධිකරණය ඉදිරිපිට මාර්ගයේ දෙස සිට වාහනයකින් බැස පැමිණි පුද්ගලයෙකු එහි සිටි තරුණයකු ඇමැතිට තර්ජනාත්මක ස්වරයෙන් කතා කළේය.‘ඇමැතිතුමාගෙන් අපටත් අසාධාරණකම් සිදු වුණා‘ යැයි ඔහු කීවේය.ඇමැතිගේ ආරක්ෂකයින් ඔහු සමීපයට යද්දී ඔහු ජිප්රිය පදවාගෙන නොපෙනී ගියේය.











Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්