"අපි ඡන්දෙට එනවා. ඇවිල්ලා වෙනසක් කරනවා." ගලගොඩඅත්තේ ඤාණසාර හිමි කියයි.


අපි ඡන්දෙට එනවා. ඇවිල්ලා   වෙනසක් කරනවා. ආයේ දෙකක් නෑ. ඡන්ද ලක්ෂයක් හරි ගන්නවා .   ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කළායින් පසු දෙපැත්තම හැසිරෙන විදිය,
බෞද්ධ ප්‍රතිපත්තිවලට කොපමණ ඉඩ ලැබෙනවාද ආදිය බලා අපි මොකක්ද කරන්නේ කියා බලනවා. එහෙමත්  නැත්නම් අපි නිහඬව ඉඳියි. එහෙම නැත්නම් ඕන එකක් සත දහයයි කියලා අපිත් ඇවිත් වැඩේට සෙට් වෙනවා. මොකද අපේ කොටසත් අපි ඉල්ලගන්න ඕනෑ. ‘ යැයි බොදු බළ සේනාවේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියෝ පැවසූහ.
ඒ හිමියන් එලෙස පැවසුවේ මාධ්‍ය හමුවක් අමතමිනි.
‘ කණ්ඩායම් ගණනාවක් එක පැත්තකින් සාධාරණ සමාජයක්, තව පැත්තකින් පිවිතුරු හෙටක් එකී මෙකී නොකී බොහෝ බළවේග සංවිධාන හදමින් පවතිනවා. පුදුමයට කාරණාව නම් කිසිදු ජාතික ව්‍යසනයකදි නොදැකපු මුහුණු පමණක් නෙමේ සිංහලත්වයට බෞද්ධත්වයට අත දිග හැර පහර දුන් ඇතැම් කණ්ඩායම් පවා අද ඊනියා උගතුන් වියතුන් හැටියට පෙනී සිටිමින් සංධාන ගතවෙමින් මොකක්දෝ වෙනසකට ලෑස්ති වෙනවා.
හැබැයි ඒ කිසිදු තැනක සිංහල බෞද්ධ දේශපාලන න්‍යාය පත්‍රයක් ගැන සාකච්ඡාවක් පේන්න නැහැ. නිදහසෙන් පස්සේ මේ දොගොල්ලන්ම කළේ රට කන එක තමයි. තරගෙට රට කෑවා.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්