සදහම් සෙවන ඉඩම පවරා ගන්නැයි කෝට්ටේ නගරාධිපතිට සංදේශයක්.

පූජ්‍ය අතුරලියේ රතන හිමියන් වැඩවාසය කරන රාජගිරිය - ඔබේසේකරපුර - සදහම්සෙවණ - ධර්මායතනයේ පිහිටි භූමිය යළි පවරා දෙන්නැයි ඉල්ලා අද (20) ප‍්‍රදේශවාසීන් පිරිසක් උද්ඝෝෂණයක නිරත වුණා. අනතුරුව, ඔවුන් ඒ පිළිබඳව කරුණු ඇතුළත් සංදේශයක් ශ‍්‍රී ජයවර්ධනපුර කෝට්ටේ නගරාධිපති ජනක රණවක වෙත භාරදී තිබෙනවා. උද්ඝෝෂකයින් ඔබේසේකරපුර මංසන්ධියේ සිට ශ‍්‍රී ජයවර්ධනුපර කෝට්ටේ මහනගර සභාව දක්වා පැමිණියේ පාගමනින්.
සංදේශය භාර ගැනීමෙන් පසුව හිරු ප‍්‍රවෘත්ති අංශයට අදහස් දැක්වූ නගරාධිපති ජනක රණවක කියා සිටියේ මෙම ඉඩම පවරා ගැනීමට හෝ එහි නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කර තීරණයක් ගන්නා බවයි.

රාජගිරිය - ගෝතමී පාරේ මෙම ධර්මායතනය පිහිටි අක්කර තුනහමාරක් පමණ වන මෙම ඉඩම මීට පෙර කෝට්ටේ මහනගර සභාව විසින් අපද්‍රව්‍ය බැහැර කළ ඉඩමක්. පසුව, එය රජයේ අනුග‍්‍රහය යටතේ ගොඩකර මෙම ධර්මායතනය ස්ථාපිත කළ බවයි සිද්ධිය සම්බන්ධයෙන් හිරු ප‍්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් පූජ්‍ය අතුරලියේ රතන හිමියන් ප‍්‍රකාශ කළේ.

මේ අතර, මෙම සිද්ධිය සම්බන්ධයෙන් කැබිනට් තීරණ දැනුම්දීම සඳහා අද පැවති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලගෙන් ද විමසීමක් කළා. එහිදී ඔහු කියා සිටියේ උද්ඝෝෂණය කිරීමට ජනතාවට අයිතියක් ඇති බවයි. නමුත්, විහාරස්ථානයට හානියක් වීමට ඉඩ නොතබන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.                                                

එමෙන්ම,  එක්සත් ජාතික පක්ෂයේ කෝට්ටේ ආසන සංවිධායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාද මෙම සිදුවීම සම්බන්ධයෙන් අද (20) පාර්ලිමේන්තුවේදී අදහස් දක්වා සිටියා. ආණ්ඩුව සමඟ සිටින විට රතන හිමියන්ට එක් ආකාරයකින් සලකන බවත්, ආණ්ඩුවෙන් ඉවත් වූ පසු තවත් ආකාරයකට සලකන බවත් මෙහිදී මන්තී‍්‍රවරයා පෙන්වා දුන්නා.          

මේ අතර, සදහම් සෙවන ධර්මායතනය අල්ලා ගැනීමට දරන උත්සාහය හෙළා දකින බවයි ජාතික හෙළ උරුමය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ. මෙම ධර්මායතනයේ අතුරලියේ රතන හිමියන් ඇතුළු විසිපස් නමක් මහා සංඝරත්නය වැඩවාසය කරන බවද එහි දැක්වුණා.




උපුටා ගැනීම : hirunews.lk

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්