‘‘අල්ලස් අයවැයක්” ජ.වි.පෙ කියයි.


අයවැය පිළිබඳ ජනතා විමුක්ති පෙරමුණ මාධ්‍ය හමුවක් කැඳවා අදහස් දැක්වීය.‘‘ජනාධිපතිවරණයකදී මුළු රටටම සල්ලි බෙදන බව අයවැය ලේඛනයෙන් කියා තිබෙනවා. මේක අයවැය ලේඛනයක් නෙවෙයි. ඡන්දය බලාගෙන දීපු අල්ලස් අයවැයක්. රට ගොඩනැගීම සඳහා වූ කිසියම්ම වැඩපිළිවෙලක් නැතිව ණය කන්දරාවක් ලබාගැනීම මත ජනාධිපතිවරණය ජයග‍්‍රහණය කිරීමට ඉදිරිපත්කළ සංඛ්‍යාලේඛන විජ්ජාවක් විතරයි. ඒ නිසා ජනතා විමුක්ති පෙරමුණ මේ අයවැයට විරුද්ධව ඡුන්දය දෙනවා. ඉදිරි දැක්මක් නැති සංඛ්‍යාලේඛන හරඹයකින් වගේ පොරොන්දු මල්ලකින් වැඩක් නැහැ.”

මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්නවලට පිළිතුරු දෙමින් ‘‘අල්ලස් දීලා පවත්වන යන ජනාධිපතිවරණය නීති විරෝධීයි. ඒ වගේම ඒ ජනාධිපතිවරණයට මහින්දට තුන් වරක් ඉදිරිපත් වෙන්න බැහැ. අවසාන විග‍්‍රහයේදී ගත්තාම තරඟයත් නීති විරෝධියි. තරඟකරුවාත් නීති විරෝධීයි. ජනතා විමුක්ති පෙරමුණේ ස්ථාවරය වෙන්නේ නීති විරෝධී ජනාධිපතිවරණයක් එපා කියන එකයි. මොන විදියකින් හරි රටේ මූලික නීතියට පයින් ගහලා මහින්ද රාජපක්‍ෂ මහත්තයා ජනාධිපතිවරණයක් තියනවා නම් ඔහු පරාජය කරන්න හැකි උපරිමයෙන් මැදිහත් වෙනවා. නීති විරෝධී අපේක්‍ෂකයට විරුද්ධව නීතිමය කි‍්‍රයාමාර්ග ගන්නවා. 
මෙම අවස්ථාවට ජවිපෙ මධ්‍ය කමිටු සාමාජික, බස්නාහි පළාත් සභා මන්තී‍්‍ර වෛද්‍ය නලින්ද ජයතිස්ස සහෝදරයාද සහභාගි විය.

විවාදය අතර තුරදී ඇතිවූ කතා බහා 



වීඩියෝ දර්ශන උපුටා ගැනීම : හිරු නිව්ස්

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්