ඉන්දියාවේ ජාතික ආරක්ෂාව අවදානමට ලක් කරන්නේ නැහැ

ඉන්දියාවේ ජාතික ආරක්ෂාව වෙනත් රටක් වෙනුවෙන් අවදානමකට ලක් කිරීමට ශ‍්‍රී ලංකාව කිසිසේත් අදහස් නොකරන බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා නවදිල්ලියේදී ප‍්‍රකාශ කළා. ඉන්දියාවේ පස් දින නිල සංචාරයක නිරත වන ශ‍්‍රී ලංකා නාවික හමුදාපතිවරයා තවදුරටත් ප‍්‍රකාශ කර ඇත්තේ ඉන්දියාවේ ජාතික ආරක්ෂාව ශ‍්‍රී ලංකාවේ ද ආරක්ෂාව ලෙස සලකන බවයි.

විශේෂයෙන් චීන සබ්මැරීන යාත‍්‍රාවක් ශ‍්‍රී ලංකා මුහුදේ නැංගුරම්ලා තිබීම පිළිබදව ඉන්දියාව සිය අවධානය යොමු කර තිබුණා. ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක අජිත් දොවාල් සහ ආරක්ෂක අමාත්‍ය අරුන් ජෙයිට්ලි මේ සම්බන්ධයෙන් මෙරට බලධාරීන් වෙත සිය අදහස පළ කර තිබූ බව සඳහන්.


කෙසේ නමුත්, නාවික හමුදාපති ජයන්ත පෙරේරා ප‍්‍රකාශ කර ඇත්තේ ඉන්දියාව සමඟ ශ‍්‍රී ලංකාව සමීප සුහදතාවකින් කටයුතු කරන බවයි. නොබැඳි රටක් ලෙස ශ‍්‍රී ලංකාව, චීනය සමඟ පමණක් නොව රුසියාව සහ තවත් රටවල් රැසක් සමඟ ඉතා හොඳ සබඳතාවක් පවත්වාගෙන යන බවයි ඔහු වැඩිදුරටත් කියා සිටියේ.
චීන සබ්මැරීනවල ශ‍්‍රී ලංකා සංචාර පිළිබඳව ඉන්දියාවට පිළිතුරු ලබාදෙමින් මෙරට නාවික හමුදාපතිවරයා සඳහන් කළේ චීන හමුදා මෙහි රැදී සිටීමක් සිදුනොවන බවයි. කෙසේ නමුත්, චීනය සහ ශ‍්‍රී ලංකාව අතර ඉහළ වාණිජමය සබඳතාවක් රදා පවතින බව නාවික හමුදාපති වයිස් අද්මිරාල් ජයන්ත පෙරේරා එහිදී කියා සිටියා. මෙරට ත‍්‍රස්තවාදය පරාජය කරලීම සඳහා ඉන්දියාවෙන් ලැබුණු සහාය පිළිබදව නාවික හමුදාපතිවරයා ස්තූතිය පළ කළේ යැයි ද ඒ.එන්.අයි. ඉන්දීය ප‍්‍රවෘත්ති සේවය සඳහන් කළා.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්