අදිතාක්ෂණික ගුවන්යානයක් බ්‍රිතාන්නයෙන් (වීඩියෝ දර්ශන සහිතයි)



ජනෙල් නැති එහෙත් ජනෙල් නැතැයි අඩුවක් දැනෙන්නේද නැති අපූරු ගුවන්යානයක සංකල්පයක් ඉදිරිපත් කිරීමට බ්‍රිතාන්‍යය සමාගමක් කටයුතු කර තිබේ. 



මෙම ගුවන්යානයේ ජනෙල් වෙනුවට ඇත්තේ ගුවන්යානයේ එක් කොණක සිට අනෙක් කොණ දක්වා විහිදෙන විසල් අධි තාක්ෂණික තිරයකි.ගුවන්යානයේ පිටත සවිකර ඇති කැමරා වලින් ගනු ලබන ඡායාරූපයන් හා වීඩියෝවන් එම තිරය මත නිරතුරුව දර්ශනය වේ.එම දසුන් මගීන්ගේ නෙතට රසඳුනක්ම වේ.වෙනදා මෙන් කවුළුවක් ළග ඇති ආසනයකට පොර කෑමට වුවමනාවක් නැත. සියලූම දෙනාට ගුවනේ සුන්දරත්වය නෙත පිරෙන්නටම දැක ගන්නට හැකිය.

කිසිවෙකුට අන්තර්ජාලයේ සැරීමට අවශ්‍ය වුවේ නම් ඊටද පහසුකම් මේ තිරයේ ඇත.කරන්නට ඇත්තේ තමන් ඉදිරියේ ඇති තිරයේ කොටසක් ස්පර්ෂ කිරීම පමණකි.එවිට එම ස්පර්ෂ කළ තැනැත්තා ඉදිරියේ ඇති තිරයේ කුඩා කොටසක් සාමාන්‍ය පරිගණක තිරයක් බවට හැරේ.
යානය මැද ගමන් කරන මගීන්ද අමතක කර නැත.ඔවුන්ට ඉදිරිපසින් ඇති අසුන් වල හිස් රදවනයන්ගේ පසුපසින් තිරයන් සවිකර ඇත.ඔවුන්ටද අන්තර්ජාලයේ සැරීමට හෝ ගුවනේ ඡායාරූප ගන්නා කැමරා වලින් ලැඛෙන දසුන් නරඹමින් ගමනේ යෙදීමට හෝ හැකිය.
අපූරු වුවද මෙය සංකල්පයකටම පමණක් සීමා වනු ඇති බවක් පෙනෙන්නට ඇතත් විශේෂඥයින් පවසන්නේ මෙවැනි තාක්ෂණයක් ගුවන්යානා වලට හඳුන්වාදිය හැකි නම්
ගුවන්යානා නිශ්පාදනය වියදම් ඛෙහෙවින් අඩු කර ගත හැකි බවයි.තවද මෙම තිර බරින් අඩු නිසා ඉන්ධන ඉතිරියද ඉහළ යන බව ඔවුන් පෙන්වා දේ.
මෙම සංකල්පය ඉදිරිපත් කර ඇති සීපීඅයි නම් සමාගම තමන් දැනටමත් මෙම තිර නිපදවීම සදහා වන පර්යේෂණ කටයුතු ආරම්භ කර ඇති බවද පවසයි.



Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්