ලබන වසරේ අයවැයෙන් 'සහන රැසක්'


ලබන වසර තුළ ශ්‍රී ලංකාවේ දිළිඳු පවුල් වෙනුවෙන් සහන රැසක් ලබා දෙන බව ජනාධිපති මහින්ද රාජපක්ෂ ප්‍රකාශ කරයි.ජනාධිපතිවරයා ඒ බව නිවේදනය කළේ මුදල් හා ක්‍රමසම්පාදන අමාත්‍යවරයා වශයෙන් 2015 වසරේ අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින්.

අඩු
ආදායම්ලාභී පවුල් ලක්ෂ 25 ක් ආවරණය වන ආකාරයට දිවි නැගුම වැඩපිළිවෙල යටතේ
ලබා දෙන සමෘද්ධි සහනාධාරය සාමාජිකයන් හතරකට වැඩි පවුල්වලට රුපියල් 3000
දක්වා සහ සාමාජිකයන් තුනකින් සමන්විත පවුලකට රුපියල් 2000 දක්වා ලෙසින්
වැඩිකිරීමටත් ජනාධිපතිවරයා යෝජනා කරයි.



නොමිලේ සෞඛ්‍ය සේවා ලබාදීම
පිණිස වැයකරන මුදල වසරකට රුපියල් බිලියන 150 ක් දක්වා වැඩි කරන බව පවසන
ජනාධිපතිවරයා, ළදරු කිරිපිටි ආනයනය බදුවලින් නිදහස් කරන බවද සඳහන් කළේය.

කෘෂිකර්මාන්තය ඇතුළු කර්මාන්ත වෙනුවෙන් සහ අපනයන වෙනුවෙන් සහන රැසක්ද ඔහු නිවේදනය කළේය.

ලබන
වසරේ වී වගාව සඳහා නොමිලේ බීජ වී ලබාදෙන බව පවසන ජනාධිපතිවරයා, වී වගාව
වෙනුවෙන් කිලෝ පණහක පෝර බෑගයක් රුපියල් 350 කට ලබාදීමට යෝජනා කරයි. අනෙකුත්
වගාවන් වෙනුවෙන් කිලෝ පණහක පෝර බෑගයක් ලබාදීමට යෝජනා කෙරෙන්නේ රුපියල්
1200 කට.

කුඩා රබර් වතු හිමියන් දිරිගැන්වීම් වස් රබර් කිලෝවකට දෙන
සහතික මිල 300 ක් දක්වා වැඩි කිරීමටත්, පොල් වගාකරුවන් සඳහා ලබාදෙන
සහනාධාරය අක්කරයකට රුපියල් 7000 සිට රුපියල් 10,000 දක්වා වැඩිකිරීමටත්, වී
කිලෝවක් සඳහා දැනට පවතින සහතික මිල රුපියල් 34 සිට රුපියල් 40 දක්වා වැඩි
කිරීමටත් යෝජනා කෙරේ.

කිරි ගවයන් 20,000 ආනයනය කිරීමත් මේ වසරේ අයවැය යෝජනාවලට ඇතුලත්.

පොලිස් සහ හමුදා නිලධාරීන්ගේ දරුවන්ට ලබන ජනවාරි මාසයේ සිට මසකට රුපියල් 1000 ක දීමනාවක් ලබාදීමටත් ජනාධිපතිවරයා යෝජනා කරයි.

කැසිනෝ විනෝද ශාලාවලට පිවිසීමේ ගාස්තුව ඩොලර් 100 ක් දක්වා වැඩි කිරීමටද යෝජනා කෙරේ.




Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්