කුමාර් ගුණරත්නම් නැවතත් කරළියට



බලහත්කාරයෙන් ලංකාවෙන් පිටුවහල් කැරුණු තමා, අවස්ථාවක් ලද වහාම ලංකාවට ඒමේ බලාපොරොත්තුවෙන් සිටින බවත්, ලංකාවේ ඉපදුණු තමාගේ ශ්‍රී ලාංකික පුරවැසි භාවය අහිමිවීමට හේතුවක් නැති බවත්, ශ්‍රී ලාංකික පුරවැසිභාවය සඳහා අයිතියක් ඇති බවත් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ක්‍රියාකාරිකයකු වන මුදලිගේ නොයෙල් හෙවත් කුමාර් ගුණරත්නම් මහතා කියයි.
කැනඩාවේ සිට ඔහු එලෙස කීවේ ලංකාදීප එසැණ සමඟ ස්කයිප් ඔස්සේ සාකච්ඡාවකට එක්වෙමිනි.
ඕස්ට්‍රේලියාවේ පුරවැසි භාවය හිමි ගුණරත්නම් ශ්‍රී ලංකාවට පැමිණ සිටිය දී පිරිසක් විසින් පැහැරගෙන ගියැයි චෝදනා එල්ල වූ අතර  2012 අප්‍රේල් 10 වැනි දා අලුයම දෙමටගොඩ දමා ගොස් සිටිය දී හමුවීමෙන් පසු එදින පෙරවරු 7.40ට ඔහු පිටුවහල් කැරිණි.  වීසා කාලය ඉක්මවා ලංකාවේ රැඳී සිටීමේ වරදට ආගමන විගමන දෙපාර්තමේන්තුවෙන් දඩ ද නියම විය.


ඊට පෙර (2012 ජනවාරි 02 වැනි දා) ඔහුගේ බිරිය වෛද්‍ය චම්පා සෝමරත්න සහ ඇගේ දරු දෙදෙනා ශ්‍රී ලංකාවට පැමිණ නැවත ඕස්ට්‍රේලියාව බලා පිටව යද්දී පොලිස් භාරයට ගත් අතර පැය 10කට පසු නිදහස් කැරිණි.
ඔහු පේ‍්‍රමකුමාර් ගුණරත්නම්, මුදලිගේ නොයෙල්, දස්කොන් වන්නිආරච්චි සහ දයාලාල් රත්නායක යන නම්වලින් ද හැදින්වෙන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අජිත් රෝහණ මහතා 2012 අප්‍රේල් 10 වැනි දා  ‘එසැණට’  පැවසීය.
1965 නොවැමිබර් 18 වැනිදා කෑගල්ලේදී උපන් පේ‍්‍රමකුමාර ගුණරත්නමි  කෑගල්ල ශාන්ත මේරි විද්‍යාලයෙන් සහ පින්නවල මහ විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය.
පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අධ්‍යාපනය  ලබා ඇති මොහුගේ සහෝදරයා  1988 වසරේ රජයේ ආරක්ෂක හමුදා විසින්  ඝාතනය කැරිණි.
පසුව ගුණරත්නම් ද අධ්‍යාපනය අත හැර දැමීය.   සිංහල වෛද්‍යවරියක වූ චමිපා සෝමරත්න මහත්මිය සමග විවාහ වූ ඔහු  නොයෙල් මුදලිගේ යන නමින් ඕස්ට්‍රේලියාවේ  පුරවැසිභාවය ලබාගෙන ඇත.
ලංකාවෙන් පිටුවහල් කිරීමට හේතුව, ලබන ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වීම, ශ්‍රී ලංකාවේ පුරවැසි භාවය, වමේ දේශපාලනය, ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රතිපත්ති, පෙරටුගාමී පක්ෂයේ ඡන්ද පදනම සහ ලංකාවේ ශිෂ්‍ය ව්‍යාපාරය ගැන ද ගුණරත්නම් මහතා අදහස් දැක්වීය.

කුමාර් ගුණරත්නම් සමඟ කළ සම්පූර්ණ සාකච්ඡාව පහත වීඩියෝවෙන්.







උපුටා ගැනීම: lankadeepa.lk

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්