හොර වෛද්‍ය වාර්තා පෙන්වා සිඟා කෑ කල්ලියක් අත්අඩංගුවට

ලෙඩ රෝග වලින් පෙලී මිය ගිය දරුවන්ගේ වෛද්‍ය වාර්තා පෙන්වමින් බස් රථ වල ගමන් ගන්නා මගීන් ගෙන් මුදල් එකතු කරන සංවිධානාත්මක කල්ලියක් හුංගම පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

මාතර, කතරගම, තිස්සමහාරාම බස් රථවලට ඇතුළු වී වෛද්‍ය වාර්තා පෙන්වා ජනතාවගෙන් මුදල් එකතුකල පුද්ගලයකු සම්බන්ධව සැක සිතී පොලීසිය ඔහුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී මෙම කල්ලිය පිළිබඳව සුල මුල හෙළි වී තිබේ.
කුට්ටිගල ප්‍රදේශයේ පදිංචිකරුවන් හතරදෙනකු මෙසේ පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
ඇඹිලිපිටිය මොරකැටිය ප්‍රදේශයේ මීට වසරකට පමණ පෙර මිය ගිය දැරියකගේ වෛද්‍ය වාර්තා යොදාගෙන මෙම ජාවාරම සිදු කර ඇති අතර මේ සම්බන්ධව දැරියගේ දෙමාපියන් කිසිවක් නොදන්නා බවද පොලීසිය කියයි.

මෙම දැරියට උදව් කිරීම සඳහා ඉදිරිපත් වූ පුද්ගලයකු එම වෛද්‍ය වාර්තා ලබා ගෙන මුදල් එකතු කර දැරිය මිය යෑමට පෙර ලබා දී ඇති අතර දැරිය මිය යෑමෙන් පසු සංවිධානාත්මක ජාවාරමක් ලෙස  මෙය ක්‍රියාත්මක කර තිබේ.
එක් පුද්ගලයකුට මෙම ජාවාරමේ ආදායමෙන් දිනකට රුපියල් 750ක් ගෙවන බවද සැකකරුවන් පොලීසියට පවසා ඇත.
හුංගම පොලිස් ස්ථානයේ පොලිස් ස්ථානාධිපති පො. ප. චන්ද්‍රසේන මහතාගේ උපදෙස් මත උ.පො. ප අනුර,පො.සැ 26296 මිද්දෙණිය ආරච්චි, 55913 ප්‍රේමසිරි,පො.කො. 70372 සුදාරක, 6566 වික්‍රම, 7765 ප්‍රියදර්ශණී, උ.නි 40825 අමිල යන නිලධාරීන් මෙම වැටලීම සිදු කර ඇත.
  



උපුටා ගැනීම hirunews.lk

https://encrypted-tbn2.gstatic.com/images?q=tbn:ANd9GcSzjbyt6gkgsQ-xfD2SOi0eyNkhE9ibWV8F5o11OiKZ2PZ2qjz70o5l2U4

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්