ඩුබායි සිට ගෙනා හොර බඩු මාට්ටු වෙයි

custemවාප්පු ලිපිකරුවන් දෙදෙනකු එක්වී ව්‍යාජ ලිපි ‍ලේඛන ඉදිරිපත් කරමින් කැලණියේ මාළු දැල් නිෂ්පාදනය කරන සමාගමකට ‍පොලිතින් ගෙන්වන මුවාවෙන් ඩුබායි සිට ගෙන්වා  තිබූ රුපියල් කෝටි දෙකක පමණ වටිනා දුම්වැටි, සුවඳ විලවුන්, සපත්තු සහ ආ‍ලේපන තොගයක් රේගු  නිවාරණ අංශය ඊයේ (01) අත්අඩංගුවට ගෙන ඇත. ප්‍රතිඅපනයනය සඳහා දැල් නිෂ්පාදනය කරන අදාළ සමාගමේ කිසිදු අනුදැනුමකින් තොරව එම ආයතනයේ නම යොදා ගනිමින් වාප්පු ලිපිකරු දෙදෙනා මෙම ජාවාරම මෙහෙයවා ඇති බව රේගු නිවාරණ අංශයේ රේගු අධ්‍යක්ෂ රංජන්  කනකසබේ මහතා “ලක්බිම”ට පැවැසීය. 

මෙම ජාවාරමට සම්බන්ධ  වාප්පු ලිපිකරුවන් සේවය කළ භාණ්ඩ නිෂ්කාෂණ ආයතනයේ කටයුතු තාවකාලිකව අත්හිටුවීමටද රේගුව පියවර ගෙන ඇත.
අදාළ වාප්පු ලිපිකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා රේගු වැටලීම් කණ්ඩායම් යොදවා  පසුගියදා කළ උත්සාහයන් ව්‍යාර්ථ වී ඇත. ඒ අනුව  ඔවුන් අත්අඩංගුවට  ගැනීමේ පරීක්ෂණ ‍පොලීසියට භාර දීමට පියවර ගන්නා බව රේගු අධ්‍යක්ෂ  රංජන් කනකසබෙ මහතා පැවැසීය.
ඉඟුරුකඩේ පිහිටි ග්‍රේ ලයින්  ටූ රේගු භාණ්ඩ නිෂ්කාෂණ ගුදමේදී අදාළ භාණ්ඩ අසුරා තිබූ අඩි 40 ක කන්ටේනරය ඊයේ විවෘත කෙරිණි. සිද්ධියට සම්බන්ධ වාප්පු ලිපිකරුවන් දෙදෙනා ජාඇල සහ මාදිවෙල ප්‍රදේශයේ  පදිංචිකරුවන් බවට රේගු නිවාරණ අංශයට දැනට තොරතුරු අනාවරණය වී තිබේ.
custem1ප්‍රතිඅපනයන නිෂ්පාදන සඳහා භාණ්ඩ  ගෙන්වීමේදී රේගු බදු සහන ලැබෙන බැවින් ඒ මුවාවෙන් මෙම භාණ්ඩ තොගය ආනයනය කරවා ඇති බව කනකසබේ මහතා සඳහන් කළේය. මෙසේ  ආනයනය කළ භාණ්ඩ ගෙන්වීමේදී රේගු බදුසහන ලැබෙන බැවින්  ඒ මුවාවෙන් මෙම භාණ්ඩ තොගය ආනයනය කරවා ඇති බව කනකසබේ මහතා සඳහන් කළේය. මෙසේ අපනයනය කළ භාණ්ඩ රැසක් මුල් භාණ්ඩයේ ස්වරූපයටම ව්‍යාජ  ලෙස සකසා තිබිණි. තත්ත්වයෙන් පහළ භාණ්ඩ වෙළෙඳ ‍පොළට නිකුත් කිරීමේ මහා  පරිමාණ ජාවාරමක් මේ පිටුපස ඇති බව රේගුව නිලධාරියෝ  පැවැසූහ. අදාළ භාණ්ඩ තොගය රාජසන්තක කිරීමට රේගුව  පියවර ගෙන තිබේ.
රේගු අධ්‍යක්ෂ ජනරාල් ජගත් පී. විජේවීර මහතාගේ උපදෙස් මත, රේගු නිවාරණ අංශයේ රේගු අධ්‍යක්ෂ රංජන් කනකසබේ, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂවරුන් වන ඒ. ටී, වලවගේ. කේ. ඒ. ධර්මසේන, ලාලිත වීරසිංහ, නන්දසිරි වාසලතිලක යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන්, ප්‍රධාන සහකාර නිවාරණ නිලධාරි කේ. වී. තිලක්, රන්ජන් රත්නායක, ඵවිරෝෂ් ප්‍රනාන්දු, ජී. එල්. ධම්මික, එල්. ජී. ජයවීර, නාලක වීරසිංහ මහත්වරුන් සහ නිමන්ති ප්‍රනාන්දු මහත්මිය ඇතුළු සහකාර නිවාරණ නිලධාරි කණ්ඩායමක් පරීක්ෂණ  පවත්වති.

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්