මස්‌ මාංශ නොකා මා දින ගණනක්‌ කැපවුණා



දන්ත ධාතුන් වහන්සේ වැඩම කරවීම පිළිබඳ ඓතිහාසික සිද්ධිය චිත්‍රපටයට නගන්න සිතුවේ ඇයි?

මම බෞද්ධයෙක්‌. මහනුවර කන්ද උඩරට දළදා මාළිගාවේ වැජඹෙන ගෞතම බුදුන් වහන්සේගේ යටි වාම දළදා වහන්සේ බෞද්ධයන්ගේ මුදුන් මල්කඩක්‌. මිහිඳු මහරහතන් වහන්සේගේ ලංකා ගමනයත් සමඟ අප රට තුළ ඇතිවූ පුනර්ජීවනය පිළිබඳ රිදී තිරය ඔස්‌සේ කියා පාන්න මා ගත් උත්සාහය මෙරට විතරක්‌ නොවේ ලොව ජීවත්වන බෞද්ධ අබෞද්ධ හැම කෙනෙක්‌ම පැසසුමට ලක්‌කළා. මහින්දාගමනය නැරඹූ ඇතැමුන් මට පිං දෙන්න පටන් ගත්තා.
කර්මාන්තයක්‌ ලෙස ගත්තාම වැසී තිබූ සිනමා ශාලා දහයක්‌ මහින්දාගමනය නිසා යළි විවෘත වුණා. ණය වී සිටි සිනමා ශාලා හිමියන්ට 'මහින්දා ගමනය' නිසා ලැබූ ආදායමෙන් ණය නිදහස්‌ කළා.... ඒ වගේම රටේ නායකයා මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා සහ මහා සංඝරත්නයේ ආශිර්වාදය සහ මඟ පෙන්වීම මත මම මෙවරත් 'සිරි දළදා ගමනය' නිර්මාණය කරන්න තිරණය කළේ. පුරාවිද්‍යා චක්‍රවර්ති පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්ගේ ආශිර්වාදය විශේෂයි. ඒ වගේම ඔස්‌ටේ්‍රලියාවේ ඩැන්ඩිනෝන් භාවනා මධ්‍යස්‌ථානයේ නායක ආචාර්ය අකරවිට සංඝානන්ද හිමිපාණන් සහ ඊ.ඒ.පී. සමූහ ව්‍යාපාර අධිපතිනි ආචාර්ය සෝමා එදිරිසිංහ මහත්මිය 'සිරි දළදා ගමනය" නිෂ්පාදනයට එක්‌ වුණා.
සිරි දළදා ගමනය පිටපත කාගෙද?

කතාව දෙබස්‌ සහ තිර රචනයත් අධ්‍යක්‍ෂණයත් මගේ....

ඔබේ තිර රචනය තුළ ඓතිහාසික කතා පුවතට කිසිදු හානියක්‌ සිදුව නැති බවට සහතික විය හැකිද?

ඔව්... එකොළොස්‌වැනි සියවසේ පොළොන්නරු යුගයේ රජකළ ලීලාවතී බිසවගේ කාලයේ ධම්මකිත්ති හිමියන් ලියූ දාඨාවංශය නම් වූ ශ්‍රේෂ්ඨ කෘතිය ඇසුරින් සහ මහාවංශය ඇසුරු කරමින් තමයි මම තිර රචනය නිම කළේ. ඉන්පසු එය පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන් සහ මහාචාර්ය බෙල්ලන්විල විමලරතන හිමියන් විසින් කියවා බැලුවා. ඉන් අනතුරුව තමයි චිත්‍රපටයේ වැඩකටයුතු ආරම්භ කළේ.

නළු නිළියන් තෝරා ගැනීම සිදුවුණේ කොහොමද?

මහන්දාගමනය වගේම තමයි.... ඓතිහාසික කතා පොත් පත් කියවද්දි මා සිත තුළ මැවුනු රූපවලට සුදුසු නළු නිළියන් තෝරාගන්න ඕනෑ වුණා. ඒ අනුව තමයි සියලුම නළු නිළියන් තෝරාගත්තේ. මෙහිදී බොහෝ දෙනෙක්‌ මා සමඟ අමනාප වුණා. සමහරු මට මුදල් දීලා චරිත ඉල්ලුවා. ඒත් මම කළේ ඓතිහාසික කතාවට සුදුසු චරිත තෝරාගැනීමයි.

තෝරාගත් නළු නිළියන් හරියටම හරිද?

ඔව්. හරියටම හරි... කිසිම බලපෑමක්‌ නැතිව මගේ සිතේ මැවුණු රූප.

හේමමාලා කුමරිය සහ දන්ත කුමරුගේ චරිත විශේෂයි?

ඔව්... දළදා හාමුදුරුවන්ට ගෞරවයක්‌ ඇතිවන විදිහට තමයි මම ඒ චරිතවලට සුදුසු අය තෝරා ගත්තේ. එතැනදී සමහර අයව අතහරින්නත් සිද්ධ වුණා. සමහර නිළියන්ව මේ චිත්‍රපටයට තෝරා ගත් බව ප්‍රචාරය වුණාම භික්‍ෂු සංගම් වලින් විරෝධය ආවා. ඒ අය උද්ඝෝෂණය කරන බවටත් අනතුරු හැඟවූවා. මේ හැම ප්‍රශ්නයක්‌ම මම පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියන්ට භාර කළා. උන්වහන්සේගේ තීරණය මත වැඩ කටයුතු කළා. මේක සරල වාණිජ චිත්‍රපටයක්‌ නොවේ. දළදා වහන්සේ ජීවමානව වැඩ සිටිනවා. අපට පෙනෙන මිනිසුන් විතරක්‌ නොවේ නොපෙනෙන දෙවි දේවතාවනුත් කෝප වේවි, මම මේ වැඩේ හරියට නොකළා නම්.

ඔබ කොහොමද චිත්‍රපටයට සූදානම් වුණේ?

ඔව්... මම ඒ කාලය තුළ කැපවුණා. මස්‌ මාංශ ආහාරයෙන් වැළකුනා. හැමදාම පාන්දර පහ වෙද්දි මම රුවන්වැලි සෑය ඉදිරිපිටට ගිහින් භාවනා කළා. ඉන්පසුවයි රූගත කිරීම් අරඹන්නේ, මගේ හැම ප්‍රශ්නයක්‌ම මම දළදා හාමුදුරුවන්ට, ජයශ්‍රී මහා බෝධීන් වහන්සේට, රුවන්වැලි මහා සෑ රදුන්ට සහ එල්ලාවල මේධානන්ද හිමියන්ට තමයි කිව්වේ.

දන්ත කුමාරයාට සහ හේමමාලා කුමරියට රඟපාන ශිල්පීන් කවුද?

හේමමාලා කුමරියට රඟන ප්‍රසාදි සමරවික්‍රම ශ්‍රී ලංකන් ගුවන් සේවිකාවක්‌. සෝමා එදිරිසිංහ මහත්මිය තමයි මට ඇය ගැන පැවසුවේ. මම ඊ.ඒ.පී. එකට ගිහින් ඇයව බැලුවා. මුලදී කැමැත්තක්‌ ඇති වුණේ නෑ. ඒත් පසුව කුඩා සිද්ධීන් දෙකක්‌ උඩ මම ඇයට කැමැති වුණා. එදා දවසට ගැහැනු ළමයින් තුන් හතරදෙනෙක්‌ව පරීක්‍ෂා කරලා තමයි ප්‍රසාදිව තෝරාගත්තේ. ඇගේ නාසයත් ඡායාරූප වලින් අප දැක තියෙන හේමමාලා කුමරියගේ නාසය වගේ. තරමක්‌ විශාලයි. අනෙක ප්‍රසාදිට අශ්වයන් පිටේ යැමේ හැකියාව තිබෙනවා. ඇය මගෙන් ඉල්ලීමක්‌ කළා.... තේරුම් ඇති කාලෙක ඉඳලා මම අඬලා නැහැ. ඒ නිසා අඬන දර්ශන කරන්න බෑ කියා ඇය කිව්වා. අවසානයේදී ඇයට අඬන්නත් පුරුදු කරන්න වුණා. දන්ත කුමරු ලෙස රඟපාන්නේ හේෂාන් මනුල. ඔහු විදේශ රටක අධ්‍යාපනය ලබනවා. ඊ.ඒ.පී. සම්මුඛ පරීක්‍ෂණයකින් තරුණයන් පන්සියයක්‌ පමණ පිරිසක්‌ අතරින් තමයි හේෂාන්ව තෝරාගත්තේ. මේ දෙදෙනාට අමතරව අපේ රටේ ප්‍රවීණයන් වන ගීතා කුමාරසිංහ, ශ්‍රියන්ත මෙන්ඩිස්‌, ජීවන් කුමාරතුංග, දිල්හානි අශෝක මාලා, කමල් දේශප්‍රිය, ගයාන් වික්‍රමතිලක, වසන්ත දුක්‌ගන්නාරාළ, උදාර රත්නායක, සුධර්මන් රදළියගොඩ, චින්තක කුලතුංග, ඔස්‌ටින් සමරසිංහ, ඥණාංග ගුණවර්ධන වැනි ශිල්පීන් රඟපානවා. සංගීතය රෝහණ වීරසිංහයන්ගේ ගී පද රචනා බන්දුල නානායක්‌කාරවසම්, භාතිය ජයකොඩි සහ උරේෂා රවිහාරි ගී ගැයුවා. කලකට පසු ගීතා කුමාරසිංහ අපේ ප්‍රවීණතම ශිල්පිනිය සිනමාවට පිවිසෙන්නේ සිරි දළදා ගමනයෙන්.

ප්‍රසාදි සහ හේෂාන් කැමරාව ඉදිරියේ ආධුනිකයන්. ඔවුන් හැසිරවීම පහසු වුණාද?

හුඟාක්‌ මහන්සි වුණා. ඔවුන් දෙදෙනා උගත් අය කියන දේ හොඳින් තේරුම් ගත්තා. අනෙක මම ඒ දෙන්නාටත් ඒ කාලය තුළදී දළදා වහන්සේට භාර කළා. මස්‌ මාංශ අනුභවයෙන් ප්‍රසාදිත්, හේෂානුත් වැළකුනා. ඒ කැපවීමේ උත්සාහය තමයි මේ.

රූගත කරද්දී මුහුණ දුන් බාධාවන් තිබෙනවාද?

ඔව්... අපි රූගත කිරීම් කළේ මිහින්තලේ. කලටුවාව වැව ඉස්‌මත්තේ තමයි දළදා මාළිගාව හැදුවේ. ඒ සඳහා විතරක්‌ රුපියල් ලක්‍ෂ හැත්තෑ පහක්‌ විතර වැයවුණා. ඒ කාලේ ඒ පළාතේ තද පෑවිල්ල. වලාකු=ළක්‌ පෙනෙනතෙක්‌ මානෙක නෑ... නිල් අහස පැහැදිලියි... නියඟය... චිත්‍රපටයෙත් දර්ශනයක්‌ තිබුණා නියඟය කාලේ වර්ෂාව ඉල්ලලා උපාසක අම්මලා පන්සීයක්‌ විතර මල් පූජා කරන. මේ දර්ශනය කරද්දී හැබෑවටම නියඟය. වර්ෂාව ඇද හැලෙන දර්ශනය සඳහා අපි කෘතිම වැස්‌සක්‌ සූදානම් කළා. ඒත් අහස කලුවර නෑ. අඩුම ගානේ වලාකුළක්‌වත් නැහැ... හරි ප්‍රශ්නයකට අපි මුහුණ දුන්නා. මම දළදා වහන්සේට හිතෙන් දුක කිව්වා. මේ දර්ශනය ගන්න.... හැකිවේවා කියා ප්‍රාර්ථනා කළා. ටික වෙලාවක්‌ ගියා... අපේ අය කෑගැහුවා අන්න වලාකුළක්‌ එනවා කියලා. පුදුමයි කොහේදොa ඉඳලා වලාකුළක්‌ ඇවිත් ඉරට මුවා වුණා. අපිට කලුවර ලැබුණා. විනාඩි පහක්‌ විතර ඒ වෙලාවේදී අපි අපේ දර්ශනය රූගත කළා.

සිරි දළ¹ගමනය... වැඩ අවසන්ද?

ඔව්... සියල්ල අවසන්... වෙසක්‌ සමයේ තිරගත කරන්න පුළුවන් වේවි.

'සිරි දළදා ගමනය' තිරගත කරන්න කලින් ඔබේ තුන්වැනි චිත්‍රපටයේ වැඩ පටන් ගත්තේ ඇයි?

ඒක ඔස්‌ටේ්‍රලියාවෙන් කළ ඉල්ලීමක්‌. මෙය ළමා චිත්‍රපටයක්‌... නම 'පුංචි කැන්ගා' ඉතිහාසය පිළිබඳ නිර්මාණවලටම කොටු නොවී ළමා චිත්‍රපටයක්‌ කරන්න හිතුනා. මම මුලදී ක්‍ෂේත්‍රයට ආවෙත් ළමා ටෙලි නාට්‍ය නිර්මාණය කිරීමෙන්. මේ චිත්‍රපටය සඳහා මට ආරාධනා කළේ ඔස්‌ටේ්‍රලියාවේ වෙසෙන කපිතාන් අනිල් ගුණසේකර සහ ආචාර්ය තරංගා ගුණසේකර යුවළ. කතාව ලියුවේ ඔස්‌ටේ්‍රලියාවේ ශ්‍රී ලාංකිකයන් අතර ජනප්‍රිය ළමා නවකතාකාරියක වන විනිතා කුලතුංග විඡේරත්නගේ 'කැන්ගරු නදිය' කෘතිය පාදක කරගෙන. තිර පිටපතත් විනිතාගේමයි. මේ චිත්‍රපටයේ සම්පූර්ණ රූගත කිරීම් කරන්නේ ඔස්‌ටේ්‍රලියාවේ මෙල්බර්න් වල. රඟපාන දරුදැරියෝ සියල්ලෝම ඔස්‌ටේ්‍රලියාවේ වෙසෙන අපේ ළමයින්. ඊට අමතරව අපේ රටේ ජීවන් කුමාරතුංග, අනර්කලී ආකර්ෂා, වීණා ජයකොඩි, ශ්‍රියන්ත මෙන්ඩිස්‌, මොරින් චාරුනී ඇතුළු ප්‍රවීණයන් කිහිප දෙනෙක්‌ සහභාගි වෙනවා. අප්‍රේල් මාසේ අපි මේ චිත්‍රපටයේ වැඩ කටයුතු ආරම්භ කරනවා.

Wmqgd.ekSu 
http://www.divaina.com

Popular posts from this blog

බිඳුණු කන්‍යාපටල සෑදීම දැන් ලංකාවේදී

ගුරුවරියන්ට බුරිය වසනු මහ ඇමතිගෙන් නියෝගයක්